Grade ( in English) : Grade 7F
Admission Number : 25479
K.A.Yesandu dulneth kulawardhana
පාසැලේ උදය රැස්වීමෙන් අපට ලැබෙන ආදර්ශ හා අත්දැකීම්
පාසලේ උදය රැස්වීම අපේ පාසල් දිවියේ වැදගත් මොහොතක් වේ.උදය රැස්වීමේදී අපි සියලුම සිසුන් එක්ව ජාතික ගීය හා පාසල් ගීය ගායනා කරමු. ඒ මඟින් රටට හා පාසලට ඇති ආදරය සහ ගෞරවය අපි තුළ ඇති වේ. ගුරුවරුන්ගේ උපදේශන වචන අපේ දෛනික හැසිරීම සුවඳවත් කරයි.ඉන්පසු සිසුන්ට කෙටි කථා, ගීත, කවි ගායනාට හා නර්තන පෙන්වීමට අවස්ථාව ලැබේ. එමගින් අපේ දක්ෂතා ඉදිරියට ගෙන යා හැක. එකට රැස්වීමෙන් එකමුතු බව සහ නායකත්වය වැනි ගුණාංග අප තුළ ඇති වේ.උදය රැස්වීම අපට ගෞරවය, ආදරය, ඉගෙනීම සහ නිවැරදි හැසිරීම පිළිබඳ අගය ඉගැන්වෙන අගනා වේදිකාවක් බවට පත්වේ
උදය රැස්වීමේදී පිළිපැදිය යුතුදේවල්
- පළමුවෙන්ම නියමිත වේලාවට විනීත හා සංවර ලෙස රැස්වීම පැවැත්වෙන ස්ථානයට ගොස් නියමිත ස්ථානවල එකම ඉරියව්වක සංවර ලෙස රැදීසිටීම
- ගුරුවරුන් හා වැඩිහිටි සිසුන්ට ගෞරව දැක්වීම
- සුදුසු පාසල් ඇඳුමෙන් හා පිරිසිදුව සිටීම
- ජාතික ගීය හා පාසල් ගීය ගයන විට ගෞරවයෙන් සිටීම.
- ගුරුවරුන්ගේ හා වැඩිහිටි සිසුන්ගේ උපදෙස් හා උපදේශන කථා අවධානයෙන් අසා සිටීම.
උදය රැස්වීමෙන් ලැබෙන ආදර්ශ හා අත්දැකීම්
- අපිට නීති රීති වලට අනුව හැසිරීමට උගන්වයි.
- එකමුතුව කටයුතු කරන්න ඉගෙන ගන්න පුළුවන්.
- උදය රැස්වීම වැඩිහිටි සිසුන් මෙහෙයවයි. ඔවුන්ගේ කථා සහ හැසිරීම අපට ආදර්ශයක්. ඒක අපටත් දවසක හොඳ ආරම්භයක් වෙනවා.
- අනාගත ජීවිතය සඳහා සුදුසු ගුණාංග ගොඩනගයි
- අපේම අයියලා (වැඩිහිටි සිසුන්) උදෑසන රැස්වීම මෙහෙය වන ආකාරය ආදර්ශයට ගැනීමෙන් කෙදිනක හෝ අපටද මෙසේ රැස්වීම මෙහෙය වනවිට මේ අවස්ථාව ආදර්ශ ගත හැකිවීම
- ජගහන ලබා ගත් සිසුන් දිරිගන් වන විට අපට ද එසේ ජයගහන ලබා ගැනීමට ආශාවක් ඇතිවීම
- ලැජ්ජා ශීලී බවින් මිදී තමාගේ හැකියාවන් ඉදිරිපත් කිරීමට ලැබීම.
- ඉගෙනීම තුලින් පමනක් නොව වෙනත් හැකියාවන් තුලින් ද ඉදිරියට යා හැකි බව දැන ගත හැකිවීම.
උදය රැස්වීම කියන්නේ පාසල් දිනය ආරම්භ කරන විශේෂ මොහොතක්. එහිදී ගුරුවරුන්ගෙනුත් වැඩිහිටි සිසුන්ගෙනුත් අපිට ගත හැකි ආදර්ශ බොහෝමයක් තියෙනවා. උදය රැස්වීම අපට ගෞරවය, ආදරය, ඉගෙනීම සහ නිවැරදි හැසිරීම පිළිබඳ අගය ඉගැන්වෙන අගනා වේදිකාවක් බවට පත්වේ.එමගින් යහපත් ගුණංග රැස් කර ගැනීමටත් අවස්ථාවක් ලැබේ ඒවා අනාගත ජීවිතේදී අපට උදව් වේවි රටට දැයට වැඩදායි ගුණගරැක පුරවැසියකු ලෙස සමාජයේ ජීවත්වීමට.
