අප නිවසේ ගෙවත්තෙහි සතුටින් ගැවසෙන සතුන්.

Grade ( in English) : Grade 7F

Admission Number : 25479

K.A.Yesandu dulneth kulawardhana

අප නිවසේ ගෙවත්තෙහි සතුටින් ගැවසෙන සතුන්.

 අප නිවසේ ගෙවත්තෙහි අනෙකුත් සුරතල් සතුන් සමග තලගොයිද ගැවසෙන ආකාරය නිතර දක්නට ලැබේ ඒ ඔවුන්ට අපෙන් කිසිදු කරදරයක් නොවන නිසාය.

තලගොයා[Thalagoya/Land Monitor]

 අප අවට වටපිටාවේ දැකිය හැකි තලගොයා විශාල කටුසු විශේෂයක් ලෙස සැලකිය හැකිය. ඉන්දියානු උපමහාද්වීපය හා දකුණු ආසියාවේ සහ බටහිර ආසියාවේකොටස් පුරා ව්‍යාප්තියක් ඇති බව සැලකේ. මෙම විශාල කටුස්සන් ප්‍රධාන වශයෙන් භූමියේ දිවා කාලයේ වෙසෙන සත්වයෙකි. ගල් ගුහා, ගස් බෙන, නිවෙස් වල සිවිලිම ආදි ස්ථාන රාත්‍රී ගත කිරීමට යොදා ගනී. වැඩුනු සතෙකුගේ කෙළවරේ සිට වලිගය දක්වා සෙන්ටිමීටර 50 සිට 75 විශාලත්වයක් දැකිය හැකිය.ආහාර වශයෙන් දිරා යනකොල රොඩු අතර සිටිනා පනුවන්, ගොළු බෙල්ලන්, කුඩා මීයන් ආදී කුඩා සතුන් දඩයම් කරයි. අනෙක් කටුසු විශේෂ මෙන් බිම හාරා බිත්තර දමනු ලබයි. වර්තමානය වන විට මස් පිණිස මොවුන් මැරීම විශල තර්ජනයක් වශයෙන් දැකිය හැකිය.