Grade ( in English) : Grade 7F
Admission Number : 25479
K.A.Yesandu Dulneth Kulawardhana
මා සිත්ගත් විෂය කොටස්.
මට පාසලේ ඉගෙන ගන්න විෂය කොටස් අතරින් කිහිපයක් විශේෂයෙන් ආසයි.
- විද්‍යාව – පරීක්ෂණ කරනකොට ලැබෙන අත්දැකීම් වලට මම විශේෂයෙන් ආසයි. උදාහරණයක් වශයෙන්, විදුලි පරිපථ හදන විට මම සතුටු වෙනවා.
- ගණිතය – ගණිත ගැටලු විසඳීම මට අභියෝග සහ සතුට ගෙනදෙයි. මගේ සරල ගණිත කර්ම වලින් ගැටලු විසඳා බලද්දී මට සතුටක්
ලැබෙනවා. - ඉංගීසි – කතා කරලා, කෙටි කතා ලිවීමෙන් මම නව වචන ඉගෙන ගන්නවා. උදාහරණයක් ලෙස, මම මගේ කුඩා කථා නිර්මාණ යහඵවන්ට කියලා සතුටු වෙනවා.
- චිත්රකලා – මගේ නිර්මාණාත්මක හැකියාව පෙන්වන්න පුළුවන්. මම පෝස්ටර්, කාඩ්පත් හෝ කුඩා චිත්‍ර නිර්මාණය සෑදුවා.
- තොරතුරැ තාක්ෂණය–වෙනස් වන ගෝලීය ලෝකය ගැන නව අත්හදා බැලීම් කීයාකාරකම් හා නිර්මාණ ගැන ඉගෙනීමට හැකි වෙනවා
මේ විෂය කොටස් මට දැනුම දෙන්නටත්, නිර්මාණශීලී හැකියාව වැඩි කරන්නත් උදව් කරනවා.මම අනාගතයේත් මේ විෂයන් ආසාවෙන් ඉගෙන ගන්න කැමතියි.
අධ්‍යාපන කටයුතුවල දී මගේ දක්ෂතාවය,
මම පාසැල් ජීවිතයේදී ක්‍රීඩා, කලා, හා වෙනත් ක්‍රියාකාරකම් සමග අධ්‍යාපන කටයුතු වලද සමබර ලෙස නියැලෙමින් සිටිනවා.
අධ්‍යාපනය කියන්නේ මගේ ජීවිතයේ අතිශය වැදගත් කොටසක්. ඒ නිසා මම සෑම විෂයකටම කාලය බෙදාගනිමින්, අවධානය යොමු කරමින් ඉදිරියෙන් සිටීමට උත්සාහ කරනවා.
පාසලේ ඉගෙන ගන්නා සියඵම විෂයයන්ට මා එක ලෙස ඇලුම් කරමිᱹමෙවායින් මා වඩාත් ඇඑම් කරන්නේ විද්‍යාව‚බුද්ධ ධර්මය‚ගණිතය ‚තොරතුරැ තාක්ෂණය හා ඉංගිසි යන විෂයන්ට.
අධ්‍යාපන කටයුතු හොදින් කිරීම සදහා මට උපකාර වනදෑ,
- ගුරුවරුන්ගේ උපදෙස් පිළිපැදීම
- නියමිත ලෙස පාඩම් කරන ආකාරය
- ගෙදර වැඩ කරන අයුරු
- පංතියේදී සිහියෙන් සිටීම
- දෙමාපියන්ගේ උපදෙස් පිළිපැදීම
මගේ ප්‍රතිඵලය,
මේ හැමදේම නිසා පංතියේ විෂය කටයුතුවල ඉදිරියෙන් සිටීමට මට හැකි වෙනවා.සෑම වාරයකදීම පංතියේ පලමු ස්ථාන තුන අතර සිටීමට මට හැකියාව ලැබී ඇතᱹමේක මට විශාල සතුටක් සහ ඉදිරියට යෑමටද උනන්දුවක් ද ලබාදෙයි.
අධ්‍යාපන කටයුතුවල දී මෙන්ම, ක්‍රීඩා සහ වෙනත් කටයුතුවලද සමබරව නිරත වෙමින් මගේ පාසල් ජීවිතය සාර්ථක කර ගැනීම මගේ අරමුණයි.
