Grade ( in English) : 4
Admission Number : 24141
Sadil Sadiksha Damsak
ආතර් චාල්ස් ක්ලාක්
-
ආතර් චාල්ස් ක්ලාක් මහතා උපත ලැබුවේ චාල්ස් රයිට් ක්ලාක් සහ නෝරා මේරි යන දෙමාපියන්ට දාව යි. ඔහු 1927 සිට 1936 දක්වා ටෝන්ටන් හි හියුෂ් ග්‍රැමර් පාසලෙන් අධ්‍යාපනය ලබා, 1946 සිට 1948 දක්වා ලන්ඩන් කිංග්ස් කොලීජියෙන් භෞතික විද්‍යාව සහ ගණිතය පිළිබඳ පළමු පන්තියේ B.Sc. උපාධිය සම්පූර්ණ කළා.
-
ක්ලාක් මහතා 1953 දී මැරිලින් මේෆීල්ඩ් සමඟ විවාහ වූ නමුත් 1964 දී ඔවුන් දික්කසාද වුණා. ඔහු 1956 සිට 2008 දක්වා ශ්‍රී ලංකාවේ ජීවත් වූ අතර, 1975 දී ශ්‍රී ලංකාවේ පළමු ‘ස්ථිර ආගන්තුකයා’ (දිගුකාලීන වීසා තත්ත්වය) බවට පත් වුණා. කෙසේ වෙතත්, ක්ලාක් කිසිවිටෙක ශ්‍රී ලංකා පුරවැසියෙකු බවට පත් නොවීය. ඔහු මිය යන තෙක්ම බ්‍රිතාන්‍ය පුරවැසියෙකු ලෙස සිටියා.
- විද්‍යා ප්‍රබන්ධ රචකයෙකු වීමට නම් ඔබ අනාගතය ගැන උනන්දු විය යුතු අතර, අනාගතය වර්තමානයට වඩා වෙනස්, බලාපොරොත්තු සහගතව වඩා හොඳ වනු ඇතැයි ඔබට හැඟිය යුතුය. බොහෝ විද්‍යා ප්‍රබන්ධ ලේඛන විරුද්ධ-යුතෝපියා (anti-utopias) වී ඇති බව මා දන්නා නමුත් – උදාහරණයක් ලෙස 1984 වැනි – ඊට හේතුව නම්, සන්සුන්, සාමකාමී අනාගතයක් ගැන ලිවීමට වඩා ඇත්තෙන්ම නරක අනාගතයක් ගැන ලිවීම ඉතා පහසු සහ වඩාත් උද්යෝගිමත් වීමයි.”
