Grade ( in English) : 6D
Admission Number : 22947
Vinuka insara
මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා
- ජීවන තොරතුරු
1890 මැයි මස 29 වන දින මාර්ටින් වික්‍රමසිංහ මහතා උපත ලැබීය.කොග්ගල මලලගම ළමා හේවගේ දොන් බස්තියන් වික්‍රමසිංහ පියා වන අතර මාගොල්ලේ බලපිටියේ ලියනගේ නොච්චිහාමි මව වූවාය .1895 දී අන්දිරිස් ගුරුවාන්සේගෙන් අකුරු ඉගෙනීම කළේ .ඉන්පසුව ඔහු 1900 දී ගාල්ලේ බොනවිස්ටා පාසලට ඇතුළු විය.ඔහු 1914 දී ලීලා නමැති නවකතාව ලියා ලේඛකයකු බවට පත් විය. ඔහු රචනා කර පළමු ග්‍රන්ථය වන්නේ බාලෝපදේෂයයි. 1956 දී පළ කරන ලද විරාගය නවකතාව මොහුගේ කලාත්මක නවකථාව ලෙස විචාරකයන්ගේ ප්රෂංසාවට පාත්‍ර විය. මොහු ලක්මිණි සිළුමිණ හා දිනමිණ පුවත්පත් වල කතුවරු තනතුර හෙබි විය.ඔහුගේ අතින් ළමා කතා 4 ක් ද ජීව විද්‍යා පොත් 6ක් ද කියවීම් පොත් 4ක් ද නවකතා 14 ක් ද කෙටි කතා 11ක් ද නාට්‍ය 4ක් ද විචාරපොත් 23ක් ද ලියවී ඇත
- සම්මාන හා ඇගයීම්
ඔහු සාහිත්‍යය චත්රවර්තී සම්මානය හා ජනාධිපති සම්මානය හිමි කර ගත්තේය. පසුව බ්‍රිතාන්‍යය O.B.E සම්මානය ලැබුණි.
- සමුගැනීම
මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් 1976 ජූලි මස මෙලොවින් සමුගත්තේය.
- රචනා කර ඇති ග්රන්ථ
ගම්පෙරළිය ,කලියුගය ,යුගාන්තය ,සීතා,විරාගය ,බාලෝපදේෂය,බව තරණය,සෝමා,රෝහිණී, කරුවල ගෙදර ,මඩොල් දූව ,අපේ ගම,මිරිගුව,උපන්දා සිට ,පව්කාරයට ගල් ගැසීම ,වහල්ලු ,මගේ කතාව ,ගැහැනියක්,කතා අහුර වැනි පොත් රැසක් එතුමා රචනා කර ඇත.
