බුද්ධ කාලීන භාරතය හා යාවත්කාලීන ලෝක දේශපාලනික තත්ත්වය

Grade ( in English) : 11D

Admission Number : 20109

Devvin Neja

බුද්ධ කාලීන භාරතයේ දේශපාලනික පසුබිම පිළිබඳ හැඳින්වීම…

 

තත්කාලීන භාරතයේ ප්‍රධාන වශයෙන් ආණ්ඩුකරණ ප්‍රධාන ක්‍රම දෙකක් අපට නිරීක්ෂණය වේ. එනම්,

1. රාජාණ්ඩුකරනය

2. සමූහාණ්ඩුකරනය

මෙහිදී පළමු වශයෙන් රාජාණ්ඩු පාලනය දෙස නිරීක්ෂණ කළ විට එහි ප්‍රධාන ලක්ෂණයක් ලෙස එක පාලකයෙක් යටතේ වූ බල තන්ත්‍රයක් යටතේ පරිපාලනය හා නෛතික කටයුතු බොහෝවිට සිදු විය එනම්, වර්තමාන දේශපාලනික පසුබිම අනුව නීති සම්පාදනය කිරීමේ අධිකාරිය හෙවත් ව්‍යවස්ථාදායකය ද නීති බලාත්මක කිරීම හෙවත් විධායකය මෙන්ම නීතිය,යුක්තිය පසිඳලීම කටයුත්ත වන අධිකරණ බලය ද එක් පුද්ගලයකු සතුවිය. මෙම පාලන ක්‍රමය වර්තමාන දේශපාලන විද්‍යාවේ දී ඒකාධිපති (Dictatorship) ලෙස හඳුන්වන අතර මෙහි ප්‍රධානියා ‘රජු’ ලෙස හදුන්වා ඇත. මෙම පාලන ක්‍රමය තුලදී දැකිය හැකි තවත් එක් විශේෂ ලක්ෂණයක් වන්නේ මෙහිදී රාජ්‍යත්වය රජුගෙන් පසු ඔහුගේ පරම්පරාවේ වෙනත් උරුමක් කරුවෙකු හට ලබා දෙයි.මෙකී ක්‍රමයේ දී බොහෝ විට පියාගෙන් අග බිසවගේ වැඩිමහල් පුතණවන් හට උරුම වුවද සමහර අවස්ථා වල දී වැඩිමහල් සොහොයුරාගේ වයසින් ඔහුට ලාබාල සොහොයුරාට ද හිමිව ඇත.

රාජාණ්ඩුකරනයට අමතරව මෙකල භාරතයේ සුප්‍රකට තවත් පාලන ක්‍රමයක් වේ. එනම් සමූහාණ්ඩු පාලන ක්‍රමයයි. මෙම පාලන ක්‍රමය අද සමාජයේ ඇති පාලන ක්‍රමය සමග සමාන නොවුනද ඉතා ප්‍රාථමික එකක් වුවද මෙහි ඇත්තේද එක්තරා ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකි. එනම් මෙහි දී සමූහයක් ලෙස එක්ව සභාවක් ලෙස රැස්ව වැඩි බහුතරය (බොහෝ අවස්ථාවල 2/3 බහුතරය) ඇත්නම් යම් කිසි න්‍යායක් සම්මත වේ. බොහෝ විට මෙම සභා මෙහෙය වූයේ එම දේශයේ/නුවරේ සිටි කුමාරවරු හෝ සිටිවරු පිරිසක් මගිනි. මෙමගින් ඔවුනට පාලන තන්ත්‍රය තුළ ව්‍යාකූල පාලකයෙක් හෝ ඒකාධිපති පාලකයෙක් පත් වීම වළක්වා ගැනීමට හැකි විය

∆ ඒ අනුව මෙම පාලන ක්‍රම ඉතා ප්‍රාථමික පාලන ක්‍රම ලෙස දිස් වුවද ඒවා මගින් රාජ්‍යකරණය සිදු වූ ආකාරය පහතින් විමසා බලමු…

1)රාජාණ්ඩුකරනය

භාරතීය දේශපාලනය තුළ මේ කාලයේ දී අධිරාජ්‍ය වාදය පැතිරී නොතිබුණද මහා රාජ්‍ය ලෙස හදුනාගත හැකි ප්‍රධාන රාජ්‍යයන් සතරක් මෙකල විය. එනම්,

I. මගධ රාජ්‍ය

II. කෝසල රාජ්‍ය

III. වත්ස රාජ්‍ය

IV. අවන්ති රාජ්‍ය

I. මගධ රාජ්‍ය

මෙම රාජ්‍යයේ අගනුවර ලෙස මුල් කාලයේ දී සැලකුවේ රජගහනුවර යි. පළමු මාගාධාධිපති වූයේ බිම්බිසාර රජුය. ඉන්පසු සිහසුන මත ආධිපත්‍ය දැරුවේ අජාසත් රජුය.

මෙහි පිහිටීම,කොසලයට අග්නිදිගින්ද උතුරින් ගංගා නදිය ද නැගෙනහිරින් චම්පන් නදිය ද වින්ධ්‍යා කදු තීරයද බටහිරින් ගින නාධියද විය.

මගධ රාජ්‍ය සිය ප්‍රතිවාදී ප්‍රබල පිලේ රාජ්‍යයක් වු කෝසල රාජ්‍ය සමග ඤාති සම්බන්ධතා පවත්වා ගැනීම මගින් සහයෝගය පල කර තිබේ. තව ද බිම්බිසාර රාජසමයේ දී ගාන්ධාර දේශයේ පුක්කුසානි රජු හා අවන්තියේ චණ්ඩපජ්ජෝත රජු සමඟද දැඩි මිත්‍ර සම්බන්ධයක් පවත්වා ගෙන ඇත.

II. කෝසල රාජ්‍ය

භාරතයේ එකල පිහිටි දෙවනුවට බලවත් ම රාජ්‍ය ලෙස සලකන මෙම රාජ්‍යයේ අගනුවර සැවැත් නුවරයි. මෙම රාජ්‍යයේ දැකිය හැකි සුප්‍රසිද්ධ රජෙකු ලෙස පසේනදී කෝසල රජුව හදුනාගත හැකිය. බරණැස හා සාකේය ආදී තත්කාලීන භාරත ප්‍රධාන නගර ද මෙයට අයත් විය. කොසොල් රාජ්‍යය දකුණු දෙසින් ගංගා නදියත්, උතුරින් නේපාල ප්‍රන්තයත්, ප්‍රාචීන සදානීර නදිය ද ප්‍රතිචීන දෙසින් පංචාල දේශයත් විය.රාජ්‍යයන් අතර මෙම රාජ්‍ය අන්තර් සම්බන්ධතා පවත්වා ඇත්තේ ද මගධ රාජ්‍ය මෙන්ම ආවාහ විවාහ මෙන් ඤාති සම්බන්ධතා මගිනි.

III. වත්ස රාජ්‍ය

මෙම රාජ්‍ය ද භාරතයේ පවතී ප්‍රධාන රාජ්‍යයක් වේ. මෙහි අගනගරය කොසඹෑ නුවර ලෙස ශාසනික ග්‍රන්ථ මඟින් හඳුනාගත හැකිය. බුද්ධ හලයේ මෙහි පාලකයා වූයේ උදේනි රජුය. වත්ස නගරය, අවන්ති රාජ්‍යයට උතුරින් ද කොසොල් රටට මෙන්ම යමුනා නදියට දකුණින් ද චේතිය ජනපදයට නැගෙනහිරින් ද කාසි ජනපදයට බටහිරින් ද මෙම රාජ්‍ය පිහිටා තිබුණි.

IV. අවන්ති රාජ්‍ය

තත්කාලීන භාරතයේ දැකිය හැකි අවසාන මෙන්ම සතරවෙන් රාජ්‍ය ලෙස අවන්තිය හදුනාගත හැකිය. මෙහි අගනුවර වූයේ උදෙනිය යි. මෙහි බුද්ධකාලයේ පාලකයා වූයේ චණ්ඩපජ්ජෝත රජුය.

මෙම රාජ්‍යට උතුරින් සූරසේන ජනපදයත් දකුණින් අස්සක රටත් ප්‍රාචීන දෙසින් චේතිය ජනපදය හා ප්‍රතිචීන දෙසින් මහමුහුද ද විය රෙට ආසන්න භූමිය ද අයත් වූයේ අවන්ති රාජ්‍යටමය.මෙලෙස ඉහතින් සදහන් කළ මහා රාජ්‍ය සතරට අමතරව තත්කාලීන භාරතයේ පැවති තවත් කුඩා රාජ්‍යයන් දොළහක් ද විය. ඒවා ද රාජාණ්ඩු බවට නිරීක්ෂණය වේ.මේවායේ මුළු එකතුව සොළොස්මහ ජනපද ලෙස හදුන්වා ඇත. එනම්,

1. අංග 7. චේතිය 13. අස්සක

2. මගධ 8. වංශ 14. අවන්ති

3. කාශි 9. කුරු 15. ගාන්ධාර

4. කෝසල 10. පංචාල 16. කාම්බෝජ

5. වජ්ජී 11. මච්ච

6. මල්ල 12. සූරසේන

2) සමූහාණ්ඩුකරනය

බුද්ධ කාලයේ පැවති රාජාණ්ඩු පාලනයට සමානව ව්‍යාප්තව පැවති සමූහාණ්ඩු පාලන ක්‍රමය ද ඉතා සාර්ථක පාලන ක්‍රමයක් බවට හෙළි වන්නේ එහි පවතින ප්‍රජාතන්ත්‍රවාදී පසුබිම නිසාය. මෙහිදී සමූහයක් ලෙස සභාවක් එකතු වී එහි දී සම්මත වන ව්‍යවස්ථාවට අනුව රාජ්‍ය පාලනයේ යෙදුණු මෙම රාජ්‍යයන් ප්‍රධාන වශයෙන් මෙලෙස වේ…

රාජ්‍ය වංශය

සමූහාණ්ඩු පාලනය

1. ශාක්‍ය කපිලවස්තු

2. ලිච්චවී වෙසාලිය

3. මල්ල කුසිනාරාව සහ පාවාව

4. භග්ග සුන්සුමාරගිරිය

5. බූලි අල්ලකප්පය

6. කාලාමයන් කේශපුත්තය

7. කෝලිය රාමග්‍රාමය

8. මෞර්ය පිප්ඵලී වනය

9. විදේහ මිථීලාව

මේ පාලන තන්ත්‍ර දෙකම හොදින් විමසා බලන විට එහි ලක්ෂණ පහත පරිදි හදුනාගත හැකිය.

1. අනෙකුත් අසල්වාසී ජනපද සමඟ මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබුණා ද විටෙක සිය ඇයි බලය යොදා අනෙක් ප්‍රදේශ ආක්‍රමණය කිරීමට කටයුතු කර ඇත.

උදා:- මගධය විසින් සොලොස්මහ ජනපද වලින් එකක් වූ අංග රට ආක්‍රමණය කිරීම.

2. රාජ්‍යයේ ප්‍රධානියා වූ රජුට උපකාර පිණිස සභාවක් සිටියේ ය.

*එහෙත් සමූහාණ්ඩු පාලනයක් පැවති ප්‍රදේශ වලට මෙම ලක්ෂණය අදාළ නොවේ.

3. ඉතා ප්‍රාථමික පරිපාලන ක්‍රමයක් මෙම සඳුකරණ ක්‍රම දෙකෙන් ම පැහැදිලි වේ.

4. නිශ්චිත හා සාපේක්ෂ දේශ සීමා පිහිටි බවට සාධක ඇත.

5. වංශ හෝ කුල ලෙස මෙම පාලන තන්ත්‍ර වල ප්‍රධාන බලධාරීන් පත්ව ඇත.

6. රාජාණ්ඩු පාලනයේ දී ඊළග පාලකයා වන්නේ පෙර රජුගේ පරපුරේ අයෙකි.

ඒ අනුව ඉහතින් සඳහන් කළ බුද්ධකාලීන භාරතයේ පැවති දේශපාලනික පසුබිම හා වර්තමාන ලෝකයේ දේශපාලනික පසුබිම සමානතා හා වෙනස්කම් පහතින් විමසා බලමු…

ප්‍රථමයනේ ගත් කල වර්තමාන ලෝකය තුල දැකිය හැකි එක් සුවිශේෂි අංගයක් ලෙස මෙකල සමාජය තුල ජනතාවට පරමාධිපත්‍ය බලයක් ලැබී ඇත.

කෙසේ වුව ද මෙම නූතන යුගය ට අයත් ආවේණික ප්‍රධාන ආණ්ඩුකරන ප්‍රතිපත්ති තුනක් නිරීක්ෂණය කල හැකි ය. එනම්,

a. වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය

b. II රාජාණ්ඩුකරනය

c. පූර්ණ විධායකය

නම් වේ.

මෙලෙස ප්‍රධාන ආණ්ඩුකරන ප්‍රතිපත්ති අතර දැකිය හැකි එක් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ පහත පරිදි ප්‍රධාන දේශපාලනික දාමයන් කිහිපයක් අනුගමනය කිරීමය.

 ප්‍රජාතන්ත්‍රවාදය

 සමාජවාදය

 පැසිස්ට්වාදය

 ඒකාධිපතිවාදය

 ලිබරල්වාදය

ලෙස අපට හදුනාගත හැකි ය.

වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය

වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය තුල ප්‍රධාන වශයෙන්ම දැකිය හැකි සුවි‌ශේෂි ලක්ෂණ නම් මෙහි තිඹිරිගෙය ලෙස සැලකිය හැක්කේ එක්සත් රාජධානියයි. දේෂපාලන විද්‍යාවේ දී ලොව වඩාත් ප්‍රජාතන්ත්‍රවාදයට සමාජවේ ඉඩ ඇති රාජ්‍ය ලෙස සලකන එක්සත් රාජධානිය තුල සතරවන සිවිල් යුද්ධයෙන් පසුව බිහි වූ මෙම ක්‍රමය ලොව තවදුරටත් ප්‍රචලිත වූයේ බ්‍රිතාන්‍ය යටත් විජිත මගිනි.(උදා:- කැනඩාව,ශ්‍රී ලංකාව 1972 දක්වා,….)

මෙම ක්‍රමයේ දී රජයක ප්‍රධාන කුළුණු දෙකක් වන ව්‍යවස්ථාදායකය එහා විධායක බලතල ජනතාව අතර වන මහ මැතිවරණයක් මගින් පත් කරගන්නා අතර ව්‍යවස්ථාදායකය සෙනෙට් සභාවකින් හා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින් යුතු පාර්ලිමේන්තුවකින් ද එහි පවතින ඡන්දයකින් පත්කරගන්නා අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයකින් ද නාමික විධායක බලතල සහිත ජනාධිපතිවරයෙකු/රාජාධිපතිවරයෙකු මගින් ද ක්‍රියාත්මක වේ.

II රාජාණ්ඩුකරණය

වෙස්ට්මිනිස්ටර් ආණ්ඩුකරනයේ එක් ප්‍රතිඵලයක් ලෙස බිහි වූ මෙම ක්‍රමය තුල දැකිය හැකි විශේෂත්වය නම් එහි අධිපතිවරයාට කිසිදු ව්‍යවස්ථාදායක හෝ විධායක බලතල නොතිබීමයි. එහෙත් මෙම පාලනයේ දී අධිපතිවරයාට විධායකයට බලපාන ලෙස කටයුතු කල හැකි ය. ව්‍යවස්ථාදායකය හෝ විධායකය වෙනස් වුව ද රජා/රැජිණ මෙහි දී වෙනස් නොවේ.

o මෙහි දී රජු හෝ රැජිණ සතු බලතල හා ලක්ෂණ

1. තම ජනතාව නියෝජනය කිරීම

2. විධායකයට බලපෑම් කිරීම

3. ධූරකාලයේ අඛණ්ඩ පැවැත්ම

4. ආණ්ඩුවට විරුද්ධව විපක්ෂගත වීම

5. රජයේ ප්‍රථම පුරවැසියා ලෙස පෙනී සිටීම

කෙසේ වුව ද ඔමානය(Oman), එ.අ.එමීර් රාජ්‍ය(UAE) වැනි රාජ්‍යයන්හි තවමත් ක්‍රියාත්මක වන්නේ ඒකාධිපති රාජ්‍ය පාලනයන් ය.

පූර්ණ විධායකය

පූර්ණ විධායකය යනු එක් පුද්ගලයෙකු හෝ කුඩා කණ්ඩායමක් වටා නීති ක්‍රියාත්මක කිරීමේ බලය රැස්ව තිබීම යි.

මෙම දේශපාලනික ක්‍රියාදාමය ප්‍රථම වශයෙන් ක්‍රියාත්මක වූයේ 1776 වර්ෂයෙහි නිදහස ලබාගත් අමෙරිකා එක්සත් ජනපදයෙනි.

මෙහි විශේෂත්වය නම් විධායකය විසින් ව්‍යවස්ථාදායකයට බලපෑම් කලහැකි වීම යි. ඒ අනුව පූර්ණ විධායකයේ බලතල පහත පරිදි වේ…

මේ අනුව නිරීක්ෂකයන්ට බුද්ධ කාලීන භාරතයේ හා නූතන යුගයේ වූ දේශපාලන පසුබිම පහත පරිදි විමසා බැලිය හැක.

බුද්ධ කාලීන භාරතය නූතන සමාජය

1)ඉතා ප්‍රාථමික සංයුතියකින් හා අන්තර්ගතයකින් යුතු වීම සංකීර්ණ සංයුතියකින් හා අන්තර්ගතයකින් යුතු වීම

2)රජයේ අධිපතියා/රජු උත්තරීතර වීම ජනතාව බොහෝවිට ප්‍රමුඛ වීම

3)සමහරෙක් විට ඒකාධිපති ස්වරූපයකින් පසු වීම බොහෝවිට ජනතාවට පරමාධිපත්‍ය බලය ලැබීම

4)රජුට හෝ රාජ්‍ය මණ්ඩලයට ව්‍යවස්ථාදායක,විධායක මෙන්ම අධිකරණ බලය ද හිමි වී තිබීම ජනපති/අගමැති ප්‍රමුඛ කැබිනටය විධායක බලය ද ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව/කොංග්‍රසයට ද ධූරාවලියකින් සහිත වූ අධිකරණ පද්ධතියක් ද සහිත වීම

5)’බලය’ රාජ වංශයට අනුව පරපුරෙන් පරපුරට පැවත ඒම මහ ජනතාවගේ පොදු කැමැත්තේ ස්වභාවය අනුව නිලතල පැවරීම(ඡන්දයකින්)

6)ආධ්‍යාත්මික සාධක මත න්‍යායන් පත් කිරීම විද්‍යාත්මක සාධක මත න්‍යායන් පත් කිරීම

අමතර තොරතුරු –

පුරාතන භාරතය තුළ තවදුරටත් දැකිය හැකි රාජ්‍යයන් කිහිපයක් පහත පරිදි විස්තර කර දැක්විය හැක…

1. අංග රට

අංග ජනපදය මගධ දේශයට නැඟෙනහිරින් පිහිටියේය. චම්පා නදිය එ දෙරට අතර සීමාව විය.

චම්පා පුරය

අංග ජනපදයේ අගනුවර චම්පා පුරය යි. එය පිහිටියේ චම්පා නදිය ගංගා නදියට වැටුණු ස්ථානය කිට්ටු ව ය. පවුරු පදනම් ආදි සියලු නගරාංගයන්ගෙන් සමන්විත වූ මෙය ඉතා පූර්වයෙහි මාලිනී, කාලචම්පා යන නම්වලින් ප්‍රකට වැ පැවැත්තේ පසු කාලයෙහි චම්පා පුර යැ යි වැහැරැවිණ. මෙහි සිට ස්වරණභූමියට නැවින් යන වෙළෙඳුන් කරන කොටැ වෙළඳාම අතින් ද මෙය ප්‍රසිද්‍ධියක් ඉසුලූයේ ය. මෙයින් කොචින් චීනයට ගොස් පදිංචි වූවන්ගේ ඒ (පදිංචි වූ) භූමියට ද චම්පා යන නම පසු කාලයෙකැ ව්‍යවහාර විය. බුද්‍ධ කාලයෙහි දඹදිවැ වූ මහා නගර සයෙන් චම්පා පුරය එකෙකි. මෙහි ගර්ගරා නම් මෙහෙසියක කෙරැවූ ගර්ගරා නම් පොකුණ ගැන ද මෙය ප්‍රසිද්‍ධ වැ පැවැත්තේ ය. මේ නගරය වූ භූමිභාගයෙහි කොටසෙකැ චම්පාපුර චම්පා නගර යන නමින් කුඩා ගම් දෙකෙක් දැන් ඇත්තේ ය. එ ගම් පිහිටා ඇත්තේ භගලපූර් සමීපයෙහි චාන්දන් නදී තීරයේ ය. චාන්දන් යනු පුරාණ චම්පා නදියට දැන් ව්‍යවහාර නාමය යි. බුද්‍ධ කාලයෙහි මෙහි ඡාත්‍රයන් 300 ක් සහිත වූ සෝණදන්ඩ නම් බමුණු ඇදුරෙක් රාජ පූජිත වැ විසී ය.

කජංගලා

මෙය බෞද්‍ධ මධ්‍යදේශයේ නැඟෙනහිරැ සීමා ස්ථානය යි. මෙහි මහා ශිෂ්‍ය පිරිසක් සහිත වූ පාරාසරිය නමින් ප්‍රකට බමුණෙක් විසී ය. චම්පා පුරැ සිටැ මෙයට දුර සැතැපුම්[1] ස-සැටක් පමණ වේ. මැදුම් සඟියේ අන්තයෙහි සඳහන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය වදාළේ මෙහි දී ය. මෙහි බොහෝ උපාසකයෝ වූ හ.

උග්ග පුර

මෙහි ප්‍රධාන සිටුහුගේ පුත්‍රයාට අනාථපිණ්ඩික සිටුහුගේ දූ වූ චුල්ල සුභද්‍රා විවාහ කොටැ දෙන ලද්දී ය. ජෛන ලබ්ධික මුළු සිටු පවුල මැ ඇගේ මගින් බෞද්ධෝපාසක විය.

අස්ස පුර

මේ නිගමයෙකි. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ මහා අස්සපුර සුත්ත, චූල අස්සපුර සුත්ත දෙක දෙසූ සේක.

අංගුත්තරාප දනව්ව

අංගුත්තරාප ජනපදය අංග රටෙහි වූ විශාල පළාතෙකි. මෙය එරට මැදින් ගලා යන මහා මහී නදියෙන් උතුරු පැත්තේ පිහිටියේ ය. මෙහි නගර අතුරෙන් අංගුත්තරාප නගරය, ආපණ නගරය, භද්දිය නගරය යන මොහු බුද්‍ධ කාලයෙහි ප්‍රසිද්‍ධ වැ පැවැත්තෝ ය. ඉන් ආපණ පුරය විශාල වෙළඳාම් පලෙකි. භද්දිය නුවර මහ සිටුවරුන්ගේ වාසස්ථානයකි. සාමාවතී, විශාඛා යන දෙදෙනාගේ ජන්ම භූමිය මේ භද්දිය පුරය යි. බුදු වූ වර්ෂයේ දී භාග්‍යවතුන් වහන්සේ අංගරට අංගුත්තරාපයෙහි සැරිසරන සේක් භද්දිය පුරයට වැඩිසේක. එකල සත් හැවිරිදි වූ විශාඛාව භාග්‍යවතුන් වහන්සේ දුටු ඒ ප්‍රථම වාරයේ දී මැ බණ අසා සෝවාන් වූවා ය. භද්දිය පුරයෙහි ජාතියා වන නම් උයනෙක් විය. බුදුරජාණන් වහන්සේ එහි ද වැඩ වුසූ සේක.

2. මගධ රට

මගධ රටෙහි බුද්‍ධ කාලයේ දී මැ බුදුසස්න බෙහෙවින් පැතිරැ ගියේ ය. උතුරෙන් ගංගා නදිය ද, නැඟෙනහිරින් චම්පා නදිය ද, නිරිතෙන් වින්ධ්‍යා කඳුවැටිය ද බටහිරින් සෝනා නදිය ද යන මොහු මගධ ජනපදයේ සීමාවෝ යි.

රජගහ නුවර

රජගහ පුරය මගධ රට අගනුවර යි. මෙය ගංගා නදියට (දකුණෙන්) යොදුන් 5 ක් පමණ ඈතින් පිහිටියේ ය. මෙයට පූර්ව කාලයෙහි වසූමතී යන නාමයෙක් වී ය. වසූ නම් රජකු විසින් මෙය ඉදිකරන ලදැ යි රාමායණයෙන් පෙනේ. මෙය නගරයක් හැටියට විශාල ලෙස නිම කෙළේ මහාගෝවින්ද පඬිතුමා ය. මෙයට මාගධ පුර, ගිරිව්‍රජ පුර යන තවත් නම් දෙකක් ද විය. බුද්‍ධ කාලයෙහි මෙයට රාජගෘහ, මගධයන්ගේ ගිරිව්‍රජ පුර යන නම් දෙක බැවහාර වී ය. ගාලක් වටේ බැඳි වැටක් මෙන් නුවර හාත්පස වේහාර, වේපුල්ල, ගිජඣකූට, ඉසිගිළි, පාණ්ඩව යන පර්වත පස පිහිටියේ ය. මේ පර්වත පසේ නම් හින්දු ග්‍රන්ථයන් හි වෛභාරගිරි, විපුලගිරි, වරාහගිරි, වෘෂභගිරි, සෘෂිගිරි යැයි සඳහන් වේ. ඉතා පූර්වයේ සිට මහ රජුනට නිවාස වූ බැවින් මෙයට රාජගෘහ යන නම වී ය. “මගධානං ගිරිබ්බජං” යන්නෙන් මගධ ජනපදයේ ගිරිව්‍රජ යැ යි පාළි පොත්හි සඳහන් වේ. “මගධ ජනපදයේ” යන්නෙන් වෙසෙසන ලද්දේ කේකය ජනපදයේත් ගිරිව්‍රජ නමින් නුවරක් වූ බැවිනි. ස්වාංජ්ශ්චාන්[1] නම් චීන යාත්‍රිකයාගේ ගමන් විස්තරයෙහි මෙයට කුශාගාර පුර යැ යි ද කියන ලදී.

ගයාව අසලැ කඳුවලට මැදි වූ දැන් රාජගිර් යන නමින් ව්‍යවහාර වන භූමියෙහි පුරාණ රාජගෘහ පුරය වූයේ ය. රජගහ පුරයේ සිටැ කපිලවාස්තු පුරයට දුර යොදුන් 60 කි. මෙහි සිටැ විසාලා පුරයට ගංගා නදිය පසු කැරැ යෑ යුතු විය. ගංගා නදියට මේ නුවර සිට යොදුන් 5ක් ද, ගංගා නදියේ සිටැ වෛශාලි පුරයට යොදුන් 3ක් ද දුර ප්‍රමාණය වූ බැවින් වෛශාලි පුරය රජගහ සිටැ යොදුන් 8 ක් ඈත්හි වූ බව පෙනේ. රජගහ පුරයෙන් අනෝමා ගං තෙරට දුර යොදුන් 30කි. රජගහ පුර සමීපයේ තල්වනය, වේළුවනාරාමය, ශීලවනය, මද්දකුච්ඡි මිගදාය, ජීවකම්බවනය, මෝරනිවාපය, ලට්ඨිවනය යන ආදීහූ භාග්‍යවතුන් වහන්සේ වුසූ තැන් ය. මෙහි ගිරිකුළුපව්ව මුදුනට එහි පාමුලැ සිට පහසුවෙන් යා හැකි මාර්ගයක් බිම්බිසාර රජහු විසින් කරවන ලදී.

ගිජුකුළු පව්වෙහි වූ ආවාස හැරැ රජගහ වටා පිහිටි සෙසු පර්වතවලත් භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවක ගණයාත් වුසූ තැන් වීය. ඉන් සමහරෙක් නම් : චෝරපපාතය, ඉසිගිළි පර්වත පාර්ශවයෙහි වූ කාළසිලාව, වේහාර පර්වත පාර්ශවයෙහි වූ සත්තපණ්ණිගුහාව, ශිතවන (සීවක වන) නම් මිනී පිට්ටනිය සමීපයෙහි වූ සප්පසොණ්ඩික පබ්භාරය, ගෝතම කන්දරය, තින්දුක ගුහාව, තපෝද කන්දරය, තපෝදාරාමය, ඉන්දසාල ගුහාව, පිප්පලි ගුහාව යන මොහු යි. මින් තපෝදාරාමය වූයේ උණුදිය උල්පතක් සමීපයේ ය. තපෝදා යනු උණු දිය උල්පතට නමෙකි. දැනුදු මේ උණු දිය උල්පත එහි ඇත්තේ ය. ඉන්දසාල ගුහායේ දී භාග්‍යවතුන් වහන්සේ සක්කපඤ්හ සූත්තය දෙසු සේක. නගරයෙන් පිටතැ කැලෑවල ද අරණ්‍ය කුටිකාවන්හි භික්ෂූහු වුසූහ.

සූකරඛත ලෙන (ඌරන් හැරූ ලෙන) ගිජුකුළු පව්වෙහි වූයේ ය. මෙහි දී භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන්ගේ බෑණනු දීඝනඛ පිරිවැජියාට වදාළ වේදනා පරිග්ගහ සුත්ත (දීඝනඛ සුත්ත) දේශනාව අසා තෙරණුවෝ රහත් වූහ. දෙවෙනි, තෙවෙනි, සිවුවන, සතළොස්වන, විසිවන වස් කාලයන්හි බුදුරජාණන්වහන්සේ රජගහ නුවර වූසූ සේක. සංජය නම් ශාස්තෘහු වුසුයේ මෙහි ආශ්‍රමයෙක යි. බුද්‍ධප්‍රාදුර්භාවයෙන් පළමුයෙන් මැ පහර වැදුණේ ඔහුට යි. සැරියුත් මුගලන් දෙනම මොහුගේ ශිෂ්‍ය වැ සිට ඉන් නික්ම බුද්‍ධශ්‍රාවක වූහ.

නාලන්දා පුරය

නාලන්දා නුවර රජගහ නුවරින් යොදුනක් ඈත පිහිටියේ ය. මෙහි අම්බලට්ඨිකා උයනෙහි රාජාගාරකයෙක් (රජුගේ ක්‍රීඩා පිණිස කැරැවූ ප්‍රාසාදයෙක්) වී ය. භාග්‍යවතුන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රය දෙසූයේ එහිදීය. දුස්සපාවාරික නම් සිටූහු විසින් ද මෙහි පාවාරිකම්බ වනයෙහි විහාරයක් කොට භාග්‍යවතුන් වහන්සේට පූජා කරන ලදී. නිර්ග්‍රන්ථ ඥාත පුත්‍රයා (නිගණ්ඨ-නාතපුත්තයා) නාලන්දා වැසියෙකි.

අම්බසණ්ඩා නිගමය

මෙය රජගහට නැගෙනහිර විය. මෙහි උතුරෙන් පිහිටි වේදිසක පර්වතයෙහි ඉන්ද්‍රශාල ගුහායේ දී භාග්‍යවතුන් වහන්සේ සක්දෙව් රජු ඇසූ ප්‍රශ්න විසඳීමෙන් (දික්සඟියේ). සක්කපඤ්හ සුත්තය දෙසූ සේක.

කල්ලවාලමුත්ත ගම

මෙය මගධ රට සීමාව ආසන්නයෙහි යැ යි සිතිය හැකි.

මාගධ ක්ෂෙත්‍රය

මෙය මගධ රට කුඹුරුවලින් ගහණ වූ පෙදසෙක් බැවින් මාගධ ක්ෂෙත්‍ර නම් විය. මෙහි භාග්‍යවතුන් වහන්සේ පිණිස පාෂාණචෛත්‍ය නම් තන්හි විහාරයක් කරවා තුබුණේය. එය පාසාන චේතිය විහාර (පාෂාණ චෛත්‍ය විහාර) නම් වී ය.

අන්ධකවින්ද ගම

මෙය රජගහ පුරින් ගවු තුනක් ඈත් හි සප්පිනිකා නදිය සමීපයේ වී ය. මෙහි භාග්‍යවතුන් වහන්සේ පිණිස උපාසකයකු විසින් කරවන ලද විහාරයක් වී ය. අන්ධකවින්ද සූත්‍රය දෙසූයේ මෙහි දී ය.

මහාතිත්ථ බ්‍රාහ්මණ ගම

මෙය මහා කස්සප තෙරුන්ගේ ජාත භූමි යයි.

නාලක ගම

මෙ මගධ රට නැගෙනහිර පැත්තේ පිහිටි බමුණු ගමෙකි. සැරියුත් තෙරුන්ගේ උත්පත්තිය ද, පිරිනිවන් පෑම ද මෙහි දී ම වී ය.

ජෙන්ත ගම

මෙය මගධෙශ්වර වූ බිම්බිසාර රජු යටතේ මාණ්ඩලික රාජයකු විසින් පාලිත වී ය. එම මාණ්ඩලික රජුගේ පුත්‍ර වූ ජෙන්ත (ජයන්ත) කුමරු භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි විය.

උරුවෙලා ජනපදය

බොහෝ පෙරැ තවුසන් විසින් ගෙනවුත් ගොඩ ගසන ලද මහත් වැලි රැසක් කරණ කොටැ මේ පෙදෙසට උරුවේලා යන නම වී ය යනු පාළි අට්ඨවණ්ණනාචරිය මතයයි. මහ බෙලි පල ගන්න පෙදෙසක් බැවින් මේ උරුවිල්වා නැමැයි සංස්කෘත බෞද්‍ධ ග්‍රන්ථයන්හි සඳහන් වේ.

සෙනානී නිගමය

මෙහි මගධ රජුගේ සේනාධිපතියකු (සේනානියකු) වූ හෙයින් සේනානි නිගමයැ යි නම් වී යැ යි සිතියැ හැක. බුදුවන දාට පූර්ව දිනයෙහි අප මහසතාණන් ක්‍ෂීරපායාසයෙන් පිදු තැනැත්තී යථෝක්ත සෙනෙවි කෙළෙඹියාගේ දූ වූ සුජාතාවෝ යි.

ගයා

ගය නම් රාජර්ෂීන් විසින් කරන ලද බැවින් මෙයට ගයා යන නම ව්‍යවහාර වී ය. මෙය ජයසිරි මහ බෝ මැඩින් තුන් ගව්වක් පමණ ඈත්හි නේරංජරා නදිය අද්දරැ වූ ගමෙකි. මෙ ගම සමීපයෙහි බ්‍රහ්ම ලබ්ධිකයන් පව් සෝදන පොකුණක් වී ය. නේරංජරාවේ තොටුපල ද ඔවුන්ගේ පාපප්‍රවාහස්ථානයෙක් වී ය. එබැවින් එ දෙපොල මැ ගයා තීර්ථ නමින් දන්නා ලද්දේ ය. ඉන් ගම් දොරටුව සමීප තන්හි ගයා පොකුණ තෙර ලොකු ගල් සතරක් උස දිග පුළුල ඇති මහත් ගල්ලෑල්ලක් අතුට කරන ලද ගල් ඇඳෙක් වී ය. මෙය ටංකිතමංච යැ යි දන්නා ලද්දේ ය. එය ඇසුරු කොට පිහිටි සුචිලෝම යකුගේ භවනයෙහි ද භාග්‍යවතුන් වහන්සේ වූසු සේක. තවද ගයා ගම සමීපයේ මැ ගයා තොටුපල ඉස්මත්තේ ගජ ශීර්ෂයක් (ඇත් ඔලුවක්) බඳු කඳු මුදුනෙක් වී ය. එ කඳු මුදුනේ වූ විශාල සම ගල් තලය දහසක් පමණ භික්‍ෂූනට විසුමට තරම් අවකාශ ඇති වී ය. ගයා තොටුපල ඉස්මත්තේ වූ ඒ විශාල ගල් තලයෙහි (ගයා ශීර්ෂයෙහි) ද භාග්‍යවතුන් වහන්සේ වූසූ සේක. පුරාණ ජටිල භික්‍ෂූනට ආදිත්ත පරියාය සූත්තය දෙසූයේ මෙහි දී යි. මෙහි දෙව්දත් තෙරුනට අජාසත් රජු කරවා දුන් විහාරයෙක් ද වී ය. සංඝභෙදය කොටැ පන්සීයක් පමණ වූ නවක භික්ෂූන් ගෙන ආවේත් ඒ ගයා ශීර්ෂ විහාරයට යි. දැන් බුද්‍ධගයා නමින් ප්‍රසිද්‍ධ වැ ඇත්තේ බෝධිමණ්ඩ ප්‍රදේශය යි.

රෝහිත වාස්තු (රෝහණ වත්ථු), උරුවේලකප්ප (උරුවිල්වා කල්ප), අනාලය, සාරථිපුර යන ග්‍රාම නිගමයෝද බෝ මැඩින් උතුරු දිගැ මහ මඟැ පිහිටියෝ යැ.

පාටලී ග්‍රාමය

මෙය බුද්‍ධ කාලයෙහි මගධ රටැ උතුරෙහි ගංගා නදිය අද්දරැ තොටුපල යි. පරිනිර්වාණ වර්ෂයේ දී අජාසත් රජු විසින් මෙය මහා නගරයක් කරන ලදී. එතන් පටන් පාටලී පුත්‍ර නමින් ප්‍රකට වී ය. නගර නිර්මාපණ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ එහි වැඩි සේක. එහි භාග්‍යවතුන් වහන්සේ නුවරින් පිටැ වූ ද්වාරයට ගෞතමද්වාර යැයි ද, ගඟ අද්දරැ වැඩි තොටුපලට ගෞතමතීර්ථ යැ යි ද නම් කරන ලදී. ඉෂ්ටකාවතී, දීඝරාජි යනු ද මගධ රට ගම් දෙකෙකි. මෙයින් ඉෂ්ටකාවතියෙහි අරුණවතී නම් විහාරයෙක් වී ය.

දක්ෂිණගිරි ප්‍රදේශය

රජගහ පුරය වටේ වූ කඳුවැටියෙන් දකුණු පැත්තේ (එනම් නුවරට දකුණින් පර්වත වළල්ලෙන් පිටතැ) පිහිටි පෙදෙස දක්ඛිණගිරි ජනපද යැයි කියන ලදී. ඒකනාලාව මෙහි ප්‍රධාන ගමය. භාග්‍යවතුන් වහන්සේ මෙහි එකොළොස්වන වස වුසූ සේක. කසීභාරද්වාජ සූත්‍රය වදාළේ මෙහි දී ය.

බානුමත

මෙය සසුන් පැතුරුණු බමුණු ගමකි. මෙහි කූටදන්ත බමුණා බෞද්ධෝපාසක වී ය.

පංචශාල

මෙය ද බමුණු ගමෙකි. දිනක් මෙහි පිඬු පිණිස වැඩි භාග්‍යවතුන් වහන්සේට කිසි මැ තැනෙකින් භික්ෂාව නො ලැබුණේ ය.

විශේෂ කරුණු

මගධ දේශයට පුරාතනයේ කීකටස්ථාන යැ යි ද කීහ. බුද්‍ධ කාලයෙහි අංග මගධ දෙ රටේ ප්‍රමාණය යොදුන් 300 ක් වීය. දෙරට මැ අසූදාහක් පමණ ග්‍රාමයෝ වූහ. බුද්‍ධ කාලයෙන් බොහෝ පෙරැ අංග ජනපදය, මූදු වෙරළ දක්වා විශාල වැ පැවැත්තේ ය. මගධ රට පවා අංග ජනපදයට යටත් පළාතෙක් වී ය. සමහර කලෙකැ එ දෙ රට වෙන වෙන මැ මහ රජුන් යටතේ පැවැත්තේ ය. අප මහසතාණන් බුදු වන්නට පෙරැ අංග මගධ දෙ රට රජුන්ගේ යුද්‍ධ ඇති වී ය. මුල් වරැ අංගාධිපති වූ බ්‍රහ්මදත්ත රජහු විසින් මගධෙශ්වර භට්ටිය රජ පරදවන ලද්දේ ය. එහෙත් පසුවැ භට්ටිය රජුගේ පුත් බිම්බිසාර කුමරු යුද්‍ධයට වැද බ්‍රහ්මදත්ත රජහු මරා අංග දේශය අල්ලා ගත්තේ ය. එතැන් සිට අංග ජනපදය මගධ රාජ්‍යයට ඇතුළත් වී ය. බිම්සර කුමරු තෙමේ ද අංග රට ප්‍රධාන නුවර වූ චම්පා පුරයෙහි වසමින් යුවරජකම් කොට පිය රජහුගේ ඇවෑමෙන් රාජගෘහ පුරයට පැමිණැ එහි නැවතී අඟු මගධ දෙරට ආංඩු කෙළේ ය. බුද්‍ධ කාලයෙහි අංග රට ආංඩු කෙළේ බිම්සර රජු යටතේ සිටි රජෙක් ය. හෙතෙම අංගරාජ යන නමින් හැඳින්විණ. අංග මගධ දෙරට සින්ධු සෝවීර යන රටවල් හා වෙළෙදාම් අතින් සම්බන්ධ වී ය.

ආගම

මෙහි පූරණ කාශ්‍යපාදී ෂට් ශාස්තෲන් ගේ ධර්ම අනු වැ ගියෝ කලෙකැ බොහෝ වූහ. එහෙත් බුදුරජාණන් වහන්සේ පහළ වීමෙන් පසු එ සියලු අන්‍ය තීර්ථ දර්ශන දැඩි අඳුර භජනය කෙළේ ය.

රාමඍෂීගේ පුත්‍ර උද්‍රක නම් තවුසාගේ ආශ්‍රමය වූයේත් මගධ රටෙහි ය.

3. කාශි රට

කාශි දේශයේ මායිම් මොන මැ පොතකිනුදු නො දුටුමු. දඹදිව සොළොස් මහ ජනපද අතුරෙන් මෙය බොහෝ සමෘද්‍ධ වැ බැබැළුණු රටෙකි. උසස් දියුණුවක් පැවැති කාලයෙහි මෙහි ප්‍රමාණය සැතපුම් දෙදාහකට අඩු නොවී යැයි කියන ලදී. කලක් දකුණු ඉන්දියාවේ අස්සක ජනපදයත් කාශි දේශයේ පළාතෙක් වැ පැවැත්තේ ය. තවත් කාලයෙක කෝශල රටත් කාශි ජනපදයට ඇතුළත් වූයේ ය. පළමු පැවැති දියුණුවෙන් මඳක් පහත බැස්ස මේ ජනපදය බුද්‍ධ කාලයෙහි කෝශල රාජ්‍යයට අයත් වී ය.

බාරාණසී

  1. බාරාණසී පුරය (බරණැස්නුවර) කාශි රටේ අගනුවරයි. පිහිටියේ ගංගා නදිය අද්දර ය. වරණා අසී යන නදීන් දෙදෙනා අතරැ වූ භූමි භාගයෙහි ඉදිකළ බැවින් වරණාසි යැ යි වැහැර වූ මෙය පසු කාලයෙක බාරාණසි ය යි ව්‍යවහාරයට පැමිණියේ ය. එසේ මැ වටින් තවත් ගම් ආදිය නගරයටමැ ඇතුළත් වීමෙන් ක්‍රමයෙන් විශාල පුරයෙක් වී ය. බුද්‍ධ කාලයෙන් පූර්වයෙහි එක් කලෙක යොදුන් දොළොසක් තරම් වැ පැවැත්තේ ය. මෙහි නානා ලබ්ධික ජනයා රැස් වැ තමතමන්ගේ දෘෂ්ටි ගැන කථා පවත්වන සමයප්‍රවාදක නම් නගර ශාලාවෙක් ද වීය. තවුසන්ගේ අසපුවක් වූ සෘෂිපතනය (ඉසිපතනය) මෙයට සමීපයේ ය. භාග්‍යවතුන් වහන්සේ මුලින් මැ දම්සක් පැවැත් වූයේ ද මුල් වස වුසූයේ ද මෙහි ය. බර