මොණරවිල කැප්පෙටිපොල දිසාව

Grade ( in English) : 7H

Admission Number : 25455

ලෙසදු ලෝනිත

 වීර කැප්පෙටිපොළ උපන්නේ මාතලේ මොණරවිල නම් ගමෙහිය. කැප්පෙටිපොළ පරම්පරාවේ මුල්ගම හතර කෝරළේ කැප්පෙටිපොළ යි. ඔහුගේ පියා   කැප්පෙටිපොළ දියවඩන නිලමෙයි. ඇහැලේපොළ කුමාරහාමි ඔහුගේ සොයුරියයි.

ඔහු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේ මාතලේ දිසාපති පදවිය දැරීය. පසුව ඉංග්‍රීසිහු ඔහුට ඌවේ දිසාපති පදවිය පිරිනැමූහ. ඉංග්‍රීසින් විසින් වෙල්ලස්ස කැරැල්ල මර්ධනයට යවන ලද ඔහු කැරලිකරුවන් මර්ධනය කරනු වෙනුවට ඔවුන්ගේ පක්ෂයට එක් විය.

ඉංග්‍රීසීන්ගේ අවි ආයුධ වලින් ඔවුන්ටම පහරදීම සුදුසු නැතැයි කල්පනා කළ මේ රණශූරයා ඒ හැම ඉංග්‍රීසින් වෙත යවා, ඔවුන් සමඟ සටන් වැදුණේය. කැරැල්ල අවසානයේදී ඉංග්‍රීසීන් විසින් ඔහු අල්ලා ගන්නා ලදී. ඔහුගේ හිස ගසා දැමීමට තීරණය විය.

දළදා වහන්සේ වැද පුදා ගෙන මරණයට මුහුණ දුන් ඔහු”වදකය මා හිස එක්වරින් වෙන් වන්නට පහර ගසව”යි වධකයාට අණකර “ඉතිපිසෝ”ගාථාව සජ්ඣායනය කරන විටම ගහලා ඔහුගේ හිස කදින් වෙන් කළේය.

කැප්පෙටිපොළ වීරයාගේ හිස්කබල ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ඉස්කෝට්ලන්තයේ අගනුවර වන  ඇඩින් බරෝ නගරයේ පරෙක්ෂන් ආයතනයට යවන ලදි .පසුව එය ග්ලෝස්තරයේ ආධිපාදයන් විසින් 1948 දී ලංකාවට ගෙනවුත් භාර දෙන ලදී. උඩරට ගිවිසුමේ සිංහල භාෂාවෙන් මොණරවිල යනුවෙන් අත්සන් තැබූ එකම සිංහල අධිපතියා ඔහුය .අන් හැම අත්සන්  කොට ඇත්තේ දෙමළ භාෂාවෙනි.

මොණරවිල කැප්පෙටිපොළ මහාධිකාරම්  වැනි ශ්‍රේෂ්ඨ  රණවිරුවන්ගේ නාමය සඳා අමරණීයයි. මෙවැනි පුද්ගලයන් ශ්‍රී ලංකාව තුළ යළි යළිත් බිහි වේවායි ප්‍රාර්ථනා කරමි!