Grade ( in English) : Grade 7F
Admission Number : 25479
K.A.Yesandu Dulneth Kulawardhana
සුසන්තිකා ජයසිංහ
උපන්දිනය – 1975/12/17
උපන් ස්ථානය – අත්නාවල, ශ්‍රී ලංකාව
මීටර 100 හා මීටර 200 ඉසව් පුගුණ කර ඇති කෙටි දුර ධාවන ශූරියකි. ඇය ඔලිමිපික් පදක්කමක් දිනා ගත් එකම ලාංකික පුද්ගලයාය. 2000 වසරේ ඔලිම්පික් උළලේදී ඇය ලෝකඩ පදක්කමක් (පසුව එහි රිදී පදක්කම ඇයට හිමිවිය) දිනා ගත්තාය.
කොළඹින් කිලෝ මීටර 60 පමණ උතුරින් පිහිටි කුඩා ගම්මානයක දිළිඳු පවුලක සුසන්තිකා උපත ලැබුවාය. ඇයට දිවීමට අවශ්‍ය මුදල තම පවුලේ මාසික ආදායමටද වඩා මිලෙන් අධික වූ අතර, ඇයට සුදුසු පුහුණුකරුවන් හෝ උපකරණ කුඩාකල නොතිබිණ. එසේවුවත් මෙම බාධක සියල්ල පරදවා ඇය ඔලිම්පික් තරඟ හා IAAF ලෝක ශූරතා තරඟවල පදක්කම් ලබාගැනීමට ඇයට හැකි වූවාය. ඇය මෙම ජයග්‍රහණ ලබාගත්තේ ස්ව-උත්සාහයෙන් පැමිණි ගමන තුළදීය. ඇයට 1997දී IAAF හි ලද ජයගහණයෙන් අනතුරුව, ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණු වීම් සදහා යාමට අවස්ථාව උදාවිය.
දමයන්ති දර්ශා හා සුගත් තිලකරත්න වැනි අනිකුත් දක්ෂ ක්‍රීඩාකරුවන් සමඟ එකතුව වසර 2000 දී පැවති ඔලිම්පික් තරඟවලදී ශ්‍රී ලාංකික තරගකරුවන්ටද අන්තර්ජාතික තරඟකරුවන් සමඟ හොඳින් තරඟ කිරීමට හැකි බව ඇය ලොවට පෙන්වූවාය. වර්ෂ 1948 න් පසුව පළමු වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් මීටර් 200 කාන්තා ඉසව්වෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගැනීමට එම තරඟාවලියේදී ඇයට හැකිවිය. එහිදී ඇය මේරියන් ජෝන්ස් (Marion Jones) හා පවුලින් ඩේවිස්-තොම්සන්(Pauline Davis-Thompson) ට පිටුපසින් තරඟය නිමකර ලෝකඩ පදක්කම දිනාගත්තාය. නමුත් පසුව මේරියන් ජෝන්ස් හට තහනම් උත්තේජක චෝදනා එල්ල වීම හේතුවෙන් තරඟයෙන් ඉවත් කෙරුනු බැවින් පවුලින් ඩේවිස්-තොම්සන් හට රන් පදක්කමත්, ඇය හට රිදී පදක්කමත් හිමි වූවාය.
කෙසේ වුවත් ඇය රට අතහැර ඇමරිකාවේ Los Angeles නගරයේ පදිංචියට ගියාය. නැවත ලංකාවට පැමිණි ඇය වර්තමානයේදී ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරයි.
ආසියාවේ කලු වෙළඹ රිදී පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ
සුසන්තිකා ජයසිංහ යනු කාහටත් මහත් ආදර්ශවත් චරිතයකිᱹ එසේ වන්නේ ඇය ඔලිම්පික් පදක්කමක් දිනාගත් නිසාම නොවේᱹ පහලම ආර්ථික මට්ටමක සිට තම ජීවිතය ජයගත් දිරිය කාන්තාවක් නිසායᱹ ගමක දිලිදු පවුලක උපන් ඇයට බොහෝ බාධක දුක් කරදර වලට මුහුණ පාන්නට සිදුවියᱹ පුහුණු කරැවෙකු හෝ නොමැතිව සපත්තු නොමැතිව කීඩා කර ජය ලබා ගැනීමᱹ ඇය ලැබූ වටිනා ජය ගහනයකි කොසේ වෙතත් ඔලිම්පික් තරඟ හා IAAF ලෝක ශූරතා තරඟවල පදක්කම් ලබාගැනීමට තරම් තත්වයකට ඇය පත් වූවාය කොතරම් බාධක දුක් කරදර වලට මුහුණ පාන්නට සිදු වුවද තමාගේ අරමුණ ඉටු කරගැනීමට කටයුතු කිරීම ඇයගෙන් අපට ගත හැකි ආදර්ශය වේᱹ
