අනුරපුර අපේ උරුමය.

Grade ( in English) : 6-B

Admission Number : 26392

B.H.K.Nethuka Dinuwara


ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටි පූජනීය ඇසතු වෘක්‍ෂයකි. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී පිට දුන් ඓතිහාසික බෝධි වෘක්ෂයේ දකුණු අංකුර පැලයකි. මෙය පැල කරන ලද්දේ කි.පූ 288 දීය. එය මේ දක්වා ලෝකයේ තිබෙන මිනිස් අතකින් සිටවූ සහ එසේ සිට‍වූ කාලය දන්නා පැරණිම වෘක්ෂය ලෙස වාර්තාගත වෙයි.

ඉතිහාසය

මහා බෝධි විහාරයේ රෝපිත බෝධින් වහන්සේ. මෙම බෝධින් වහන්සේ මුල් බෝධියේ අංකුරයකි.
මෙම ශ්‍රී මහා බෝධිය බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණිමේදී පිට දුන් ඉන්දියාවේ බුද්ධගයාවේ තිබූ මහ බෝධියේ දකුණු ශාඛාවකි. ක්‍රි.පූ. 3 වැනි සියවසෙහි මෙම බෝධිය ලක්දිව යාපා පටුනෙහි මාදගල් හි සංඝමිත්තා තොටුපල ලෙස දැනට හදුන්වන තොටුපලට ගෙන එන ලද්දේ අශෝක අධිරාජයාගේ දියණිය වන සංඝමිත්තා මෙහෙණිය විසිනි. ඇය ශ්‍රී ලංකා භික්ෂූණී ශාසනය පිහිටුවීමේ ලා පුරෝගාමී වූවාය. කි.පූ 249 දේවානම්පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහ මෙව්නා උයනෙහි මෙම ජය සිරි මහ බෝධිය සිටුවන ලදී.

රන්වැට.

ශ්‍රී මහා බෝධිය සිටුවා ඇත්තේ සාමාන්‍යය පොළව මට්ටමේ සිට මීටර් 6.5 ක් (අඩි 21.3) පමණ උස් වූ වේදිකාවක් වැනි බිමකය. ඒ වටා වැටක් තිබේ. එය අද කාලයේ ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්‍රවන පූජනීය වස්තුවකි. මෙම ප්‍රාකාරය (වර්තමානයේ දක්නට ලැබෙන) ගොඩනංවන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යුගයේදීය. එසේ කරන ලද්දේ වල් අලින්ගෙන් ආරක්ෂාවීම පිණිසය.