Grade ( in English) : Grade 7F
Admission Number : 25479
K.A.Yesandu Dulneth Kulawardhana
කියවීමේ අගය
කියවීම ඉතා වටිනා ගුණාංගයකි. එමඟින් සැලසෙන යහපත නම් අපේ භාෂා හැකියාව දියුණු වීමයි. පාසල් විභාග සඳහා හොඳින් මුහුණ දීමට සියලු පෙළ පොත් කියවිය යුතුයි. දිනපතා පොත්පත් පරිශීලනයට හුරැවීම තුළින් රටේ පමණක් නොව ලෝකයේ තොරතුරැද දැනුමට එකතුකර ගත හැකිය. එපමණක් නොව ඉතිහාස, කලාව, විදයාව වැනි විෂයන් පිළිබඳ දැනුම ලබාහැකි මාධය කියවීමපමණි.
පොත්පත් කියවීමට උනන්දු විය යුතුවුවත් වර්තමානයේ ළමයින් කියවීමෙන් ඈත්වී තිබේ. පරිගණකය ජංගම දුරකථනය ආදිය භාවිතයෙන් ළමුන් කාර්ය බහුල වීමෙන් පොත්පත් පරිශීලනයෙන් දුරස්වීම අවාසනාවකි. පාසල් වේලාව තුළදීද කියවීම සඳහා කාල පරිච්ඡේදයක් ලබාදී ඇත. එයින් පෙනීයන්නේ ද පාසල් අවධියේ පටන් පොත්පත් කියවීමට අනිවාර්යයෙන් හුරැවිය යුතු බවයි.
අපේ දේශීය ලේඛකයන් ලියූ පොත් අතර අඹයාළුවෝ, මඩොල්දූව, ගඟඅද්දරකැලේ යනාදි පොත් ඉතා රසවත් පොත්ය. ඒවායින් ලබා දෙන ආදර්ශ ළමා අපේ ජීවිත වලට ඉතා වැදගත්වේ.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන ප්රස්ථා පිරැළ අර්ථවත් කිරීම කුඩාකල සිටම අපි වැඩි වැඩියෙන් පොත් කියවමු. දැනුම ලබා ගනිමු.කියවීම සැමවිටම මගේ විනෝදාංශයයි.
