Grade ( in English) : Grade 7
Admission Number : 22441
KA.D. Sayum Minketh
~මගේ දහම් පාසල~

-
දහම් පාසල හැදින්වීම
මගේ දහම් පාසැල ගමේ දූ දරුවන්ට දහම් අධ්‍යාපනය සපයන උතුම් ආයතනයකි. එය මදිනවත්ත ශ්‍රී සම්බුද්ද ජයන්ති දහම් පාසැල යි. මේ දහම් අධ්‍යාපන ආයතනය පිහිටා ඇත්තේ අතීතයේ සිට විශාල අතීතයකට උරුමකම් කියන මදිනවත්ත නව නගරය ආසන්නවයි.
-
දහම් පාසලේ අතීතය
මුල්ලේරියාව උතුර මදිනවත්තේ පදිංචි නැසීගිය ක්. ඒ. ඩී. කොන්තේරිස් අප්පුහාමි මහතා, එන්. ලිලී. පෙරේරා මැතිනිය,එ.ල්. පොඩිනෝනා මැතිනිය අප විහාරස්ථානයට සහ දහම් පාසලට ඉඩම් පුජා කර තිබේ. මේ අප දහම් පාසැල ඇතුළු අප විහාරස්ථානය වර්ෂ 1956 ආරම්භ කළ ඇති අතර මෙහි ප්‍රථම කර්තෘවාරයන් වහන්සේ ගල්දොල උපනන්ද හිමියන් සහ උන්වහන්සේගේ ශිෂ්‍ය නමක් වූ ගල්දොල ගුණනන්ද හිමියන් ද ය. තවද මුන්වහන්සේලා දහම් පාසලේ උන්නතිය සදහා සිදු කර ඇති සේවය අප්‍රමාණයි.
-
වර්තමාන දහම්පාසල
වර්තමාන ශ්‍රී සම්බුද්ද ජයන්ති දහම් පාසැල විශාල වෙනසකට ලක් වී ඇත. ඒ 2007 වර්ෂයේ මේ අප විහාරස්ථානයේ පිනට පහළ වූ බෝමිරියේ ධම්මික ස්වාමින් වහන්සේ නිසාය. උන්වහන්සේ අප දම් පියස නගා සිටුවීමට කළ සේවය සදා අමරර්ණයයි.වර්තමාන දහම් පාසැල තව තවත් දිව්නු කිරීමට අප ලොකු හාමුදුරුවන් වහන්සේ යෙදෙන උත්සහය අපට විශාල ආදර්ශයකි.
-
දහම් පාසලෙන් මම ලද අද්දැකීම්, මා වර්ධනයකල නිපුණතා සහ මගෙන් දහම් පාසලට විය යුතු යුතුකම්.
දහම් පාසලෙන් විශාල ආත්ම අබිමානයක්, සහයෝගයෙන් වැඩ කෙරීමේ අගය, කථික නිපුණතාවය වැඩ වැඩ වර්දනය වු නි. කෙලෙහි ගුණ දත් දරුවන් ලෙස අපෙන් දහම් පාසලට විය යුතු ඉටුකම් කිරීමට අප වගබලා ගමු.
කේ. ඒ.ඩී. සයුම් මින්කෙත්
මහානාම විද්‍යාලය
- 7- C