Grade ( in English) : Garde 7 E
Admission Number : 23019
Sethun Fernando

- එකලොස් මසක් පුරාවටම රැකගෙන
අපේ ජීවිතයට
ආලෝකය වුණු ඔබ,
වැරදි දැක්කේ දඬුවම් කරන්න නෙවෙයි
හදන්න පුළුවන් දෙයක් ලෙස
ඉවසීමෙන්, සෙනෙහසින්
අඩුපාඩුකම් හැඩ කරපු ඔබ,
පස්සෙන් ඉඳලා අත් අල්ලාගෙන
වැටෙන්න ඉඩ නොදී
අම්මා කෙනෙක් වගේ
හදවතින් රැකගත් ඔබ,
පොත් වල වචන වලට වඩා
ජීවිතයේ අරුත කියලා දුන්
අපේ හෙට දවසට
විශ්වාසය දුන් ඔබ,
ගුරුතුමියක් කියන නාමයත්
අම්මා කියන සෙනෙහසත්
එකම හදවතක එකතු කරගෙන
අපේ ජීවිතේ මග පහන් කළ ඔබට
අසීමිත ආදරයෙන් ස්තුතියි…