මහානාමයේ ඉතිහාසයෙන් බිදක්

මහානාම අභිමන්

ආරම්භය 1954දී කොල්ලුපිටිය වාලුකාරාමයේ ධර්ම ශාලාව

ශ්‍රීමත් හෙන්රි ඕල්කට්තුමාගේ පුනර්ජීවයලත් බෞද්ධ අධ්‍යාපන ය බෞද්ධ ආරම්භක පිරිසකට යොමු වන්නේ ආචාර්යය සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහතාගේ නිදහස් අධ්‍යාපන පනත හරහා පාසල් ආගමික සිද්ධස්ථානවලට අනුබද්ධ කිරීම නිසා තවත් විහාරස්ථාන ආශ්‍රිතව පාසල් බිහි වීම තුළිනි.ධර්මධර, විනයධර උගත් භික්ෂූන් වහන්සේ තම විහාරස්ථාන ආශ්‍රිතව පාඨමාලා ආරම්භ කිරීම මේ යුගයේ දක්නට ලැබුණු විශේෂත්වයකි. කොළඹ කොල්ලුපිටියේ ආර්.ඒ.ද මැල් මාවතේ පිහිටි මහානාම විද්‍යාලය ද එවැන්න කි. කොල්ලුපිටියේ වාළුකාරාමාධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත මාවිත්තර රේවත හිමිපාණන් මහානාම විද්‍යාලයේ ආදී කතෘන් වහන්සේ ය.කොල්ලුපිටිය වාලුකාරාමය, නිමන්තිඩිය මහේන්ද්‍රාමය යන විහාරයන්හි ආධිපත්‍ය දැරූ උන් වහන්සේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණිධර්ම මහා සංඝ සභාවේ උපාධ්‍යාය ධූරයක් ද දැරිය. මදුර ස්වරයෙන් පිරිත් කිමෙහි අති දක්ෂයෙකු වූ උන් වහන්සේ ප්‍රදේශයේ ගිහි පැවදි සම්භාවනීය පිරිසකගේ ගෞරවාදරයට පාත්‍ර වූ හිමි නමකි. ජින වචන කෝෂය නැමැති ධර්ම ග්‍රන්ථය ලියු උන් වහන්සේ වාලුකාරාමය ධර්මශාලාවේ 1954 දී මහානාම විද්‍යාලය ආරම්භ කිරීමට කටයුතු කළහ.

1956 ජනවාරි මස 05වන දින කනිෂ්ඨ පාඨමාලාවක් ලෙස මහානාමය ආරම්භ කර ඇති බව පැරණි ලේඛන වලින් සනාථ වේ. පසුව රජයේ ආධාර ලබන පාසලක්ව පැවති මෙම පාසල 1957.10.30 දින ලියාපදිංචි කිරීමෙන් පසුව බෞද්ධ ආයතනයකට පවරා දී තිබුනි. ඉන් පසු 1958 වසරේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 87 දෙනෙක් සිටියහ. සහතිකලත් ගුරවරයෙක් ප්‍රතම වරට පත් කෙරිනි.1959.12.31 දින දක්වා මහානාම විදුහගේ ප්‍රථම විදුහල්පති ලෙස ගුරු ගොල්ලේ ධම්මානන්ද ස්වාමීන්වහන්සේ එම ධුරයේ කටයුතු කලහ. 1959 වර්ෂයේ ශිෂයන් 101 හා ගුරු මඬුල්ල 04කින් සමන්විත විය.

1961 පාසල රජයට පවරා ගැනීමේ පණත යටතේ 1963.01.10 දින දරණ ගැසට් නිවේදනය පරිදි 1963.01.22 මහානාම විදුහල රජයට පවරා ගෙන ඇත.ඉන් අනතුරුව මහානාමයට ළමයින්ගේ පැමිණීම වැඩි වූයෙන් පැවති බෞද්ධ ආගමික පරිසරය අනුව ශිෂ්‍යන් ඇතුළත් කර ගැනීමට හැකිවිය. 1967.09.01 දින ඊ.බී.එල්.ප්‍රනාන්දු විදුහල්පතිතුමාගේ කාලය තුල වාළුකාරාම විහාරස්ථානයෙන් මෙම භූමියට පාසලට ගෙන එන ලදි. 1973 වන විට ආචාර්යයවරු 31 දක්වාත් ශිෂ්‍යයන් 943 දක්වාද වැඩි විය. එතුමා විසින් පන්ති 12ක ගොඩනැගිල්ලක් ඉදි කරන ලදි.මහානාම විදුහල තර්ස්ටන් විද්‍යාලයේ පෝෂිත පාසලක් ලෙස පවත්වාගෙන ඇති ක්‍රමය මෙකල නවත්වා ලීය.