Grade ( in English) : Grade 7F
Admission Number : 25479
K.A.Yesandu Dulneth Kulawardhana
මුරැතැන්පූජාව සඳහා නවගමුව පත්තිනි දේවාලයටගිය ගමන එහිදී මට දැන ගන්නට ලැබුනු තොරතුරු …..
පිහිටීම
නවගමුව පත්තිනි දේවාලය අවිස්සාවේල්ල මාර්ගයේ අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටා ඇත.බස්නහිර පළාතේ කොළඹ දිස්තික්කයේ කඩුවෙල මෑතිවරණ බල ප්‍රදේශයෙ පිහිටි නවගමුව ග්‍රාමීය අංක 475 දරණ .කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට මෙම ගම අයිති අතර කඩුවෙල මහ නගර සභාව අදාල පළාත් පලන ආයතනය වේ. මේ ගම හේවගම් කෝරළයේ බටහිර කලාපයේ පල්ලෙ පත්තුවට අයත්ය
නාමය
වර්තමානයේ නවගමුව දේවාලය ලෙස ව්‍යවහාර කෙරුනද එය“නවගමුව” නොව”නා ගොමුව”යයි විවිධ මත පවතියි.නා ගස් ගොමුවක පිහිටි නිසා නවගමුවයි.දේවාලය අසල දැනටත් දක්නට ඇති නා ගස් ගොඩ එයට හොඳ සාක්ෂියකි.නවගමුව ගම් නවයක් එක් විම මත එම නම ඇතිවු බවද,නාග ගෝත්‍රිකයන් ගොමුවක් වශයෙන් ජීවත් විම මත නවගමුව වි යැයි මත කිහිපයකි.
අතිතයේ සිට බෞද්ධ විහාරස්ථානයක් තිබුණද දේවාලය සමග එම විහාරස්ථානය විනාශවු බව පෘතුගිසි වාර්තාවල සඳහන්වේ.නැවත එම විහාරස්ථානය කටුවාවල සුමන තිස්ස හිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කර දේවාලයද යථා තත්වයට පත් කර ඇත.
නවගමුව පිළිබඳ ජනප්‍රවාද
“එක්තරා දුප්පත් මිනිසෙකු අං කොට මීමා සොරා ගැනිමේ අපරාධය ගැන සිංහල රජු පිළියම් නොකළ හෙයින් සොළි රටට ගොස් එරජු පොළඹවා මෙරට ආක්‍රමණය කොට ලක් වැසියන් 12000ක් සිරකරුවන් ලෙස ගෙන ගොස් කාවේරියේ වැඩට යෙදවිමත්,ලක් දිව ඊළගට රජපත් ගජබා රජ,නීල මහා යෝධයා සමඟ ගොස් යථොක්ත සිරකරුවන් හා තවත් එරටින් 12000ක්ද පත්තිනි දෙවියන්ගේ මිණි සළඹද………”1
දක්ෂිණ භාරතිය වන්දනාවට ලක්වු පත්තිනි දේවියගේ රන් සළඹත් සිවු දේවාලයේ ආයුධත්,වළගම්බා රජු සමයේ එරටට ගෙන ගිය පාත්‍රා ධාතුවත් ගෙන ඒම තුළ සංස්කෘතික වෙනස්කම් රුසක් සිදු විය.ජනප්රවාදයේ මේ පුවත විස්තර වන්නේ මෙසේය.සොළි රට ජය ගෙන රුවල් නැවකින් ලංකාවට පැමිණෙන අතර දරුණු කුණාටුවකට හසුවන ගජබා රජු ඇතුළු පිරිස එයින් බේරි කැලණි ගඟ ඔස්සේ ඉදිරියට පැමිණ රාත්‍රි කාලය නවගමුවේ ගත කරයි.කැලණි ගඟ අසල නා ගස් ගොමුවක පුජාසනයක රන් සළඹ හා පාත්‍රා ධාතුව තැන්පත් කර ඇත.පසු දින අනුරාධපුරයට යාමට ඒ අසලට ගිය අවස්ථාවේ සුදු නාගයින් හත් දෙනෙකු සළඹ වට කර ගෙන සිටිනු දක්නට ලැබිම නිසා ගජබා රජතුමා ඒ පුජාසනය වට කොට නවගමුවේ දේවාලය තැනවු බව කියවේ.
උළුවස්සේ කොස් ගෙඩි කිහිපයක්,
එක් දිනක් සිහිනයෙන් දේවාලයට නුදුරින් කැලණි ගං තොටේ කොස් කොටයක් පාවෙමින් පවත්නා බවත් එය ගෙනවිත් දේවාලයට උළුවස්ස සකස් කර ගන්නා ලෙසට නියෝග කර ඇත.කපු මහතා ඒ කාර්යය ඒ ආකාරයෙන්ම ඉටු කළේය. “ටික කලකට පසු එම උළුවස්සේ කොස් ගෙඩි කිපයක් හට ගත්තේලු.කපු මහතා දෙවියන්ගේ හාස්කමින් සිදුවු ආශ්චර්යයක් හැටියට සලකා මෙය ඉතා හොඳින් ආරක්ෂා……”3
බඩගින්නේ පැමිණි ගැමියෙකු මෙයින් කොටසක් අනුභව කර පත්තිනි දෙවියන්ට පින් දී ඇත.බෞද්ධයෝ දෙවියන්ට පින් දිම චාරිත්‍රයක් වශයෙන් කරති.කපු මහතා මෙය කෑ අයට වරදක් නැති නිසා පලි ගසා යදින කපු මහත්මයාට දඩුවම් හිමි විය.මේ කථාව නවගමුව හා ඒ අවට පෙදෙස් වල පමණක් නොව මුළු රටේම ප්‍රසිද්ධ එකකි.
පත්තිනි දේවිය
පත්තිනි දේවිය ශ්‍රි ලංකාවේ සිංහල බෞද්ධයන් මෙන්ම ද්‍රවිඩ ජනතාවගේ පුද පෙත් ලබන ප්‍රධානතම කාන්තා දේවතාවියයි.පත්තිනි දේවිය සිංහල සම්ප්‍රදායට අනුව බෝධිසත්ව පාරමිතාව පුරන්නියකි.පත්තිනි දේවිය හින්දු සම්ප්‍රදායට අනුව පාර්වතියගේ අවතාරයයි. බුදු දහමේ බොහෝ සුත්‍ර වල දෙවියන් ගැන සඳහන්වේ.ලංකාවේ පවතින ජනශ්‍රැතියට අනුව පත්තිනිදේවිය බෞද්ධ වුවා පමණක් නොව පතිභක්තිය වැනි සාරධර්ම රැකගත් දේවතාවියද විය.පත්තිනි දෙවියන්ගේ ගුණ ගැයිම සිංහල ගැමියන් අතර මුල් බැස ගත් සිරිතකි.”පත්තිනි හැල්ල”පොත නොකියවු,කො ඇසු සිංහලයෙක් නොවිය.
