ආදර්ශමත් චරිතයක් වූ කුමාර් සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩකයා

Grade ( in English) : 7C

Admission Number : 22612

Senal Mindinu Dissanayaka

ආදර්ශමත් චරිතයක් වූ කුමාර් සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩකයා

Kumar Sangakkara: The greatest hero of our time - Groundviews

  • කුමාර් සංගක්කාර යනු තමන්ගේ අරමුණු ඉටු කරගැනීමට නොපසුබස්නා උත්සාහයක් තිබු ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් ගෙන දුන් ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.ඔහු 1977 වර්ෂයේ ඔක්තෝබර් 27 වන දින මාතලේ ප්‍රදේශයේ උපත ලැබුවේය.මෙම ක්‍රීඩකයා ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායමේ වමත් පිතිකරුවෙකු ලෙස කටයුතු කළේය.මෙතුමා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි දක්ෂතම කඩුලු රකින්නෙකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකි.කුමාර් සංගක්කාර වයස 22 වන වියේදී නීති ශිෂ්‍යයෙකු ලෙස සිටියදී ඔහුගේ ක්‍රිකට් දිවිය ආරම්භ විය.මුල් කාලයේදී ඔහු කඩුලු රකීමේ ක්ෂේත්‍රයේ සාර්ථක නොවුවද ඔහු පිතිකරණයෙන් බොහෝ දක්ෂතා පෙන්වූ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය රැක ගැනීමට සමත් විය.2006 වර්ෂයේ දකුණු අප්‍රිකාවට එරහිව කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ලකුණු 624 රැස් කිරීම ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ විශේෂ සන්ධිස්ථානයක් විය.ඉහත තරගයේදී කුමාර් සංගක්කාරගේ දායකත්වය ලකුණු 287 විය. කඩුල්ල පිටුපස වගකීම දරමින් ඔහු කැපී පෙනෙන නායකකෙකු
    ලෙස කටයුතු කළේය.ඔහු 2012 වර්ෂයේ ICC මගින් පිරිමනු ලබන ”හොදම ටෙස්ට් ක්‍රීඩකයා” සම්මානය දිනා ගැනීමට සමත් විය.මෙතුමා වේගවත්ම ටෙස්ට් ලකුණු 10000 ලැබූ අය අතරින් කෙනෙකි.ඔහුගේ ක්‍රිකට් දිවියේ ලබා ගත් ලකුණු ප්‍රමාණ පහත දැක්වේ.
Matches Innings Highest score Runs 100s 50s 4s 6s
Test 134 233 319 12400 38 52 1491 251
ODI 404 380 169 14234 25 93 1385 88
T20Is 56 53 78 1382 0 8 139 20
FC 260 430 319 20911 64 86
List A 529 501 169 19456 39 120
T20s 267 260 94 6937 0 43 740 139

Source https://www.espncricinfo.com/cricketers/kumar-sangakkara-50710

.කුමාර් සංගක්කාර දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම උසස් නායකත්ව ගුණාංග වලින් පිරිපුන් වූ මෙම ක්‍රීඩකයා වර්තමාන ක්‍රිකට් සමාජයට ආදර්ශමත් චරිතයකි.