Adam’s Peak (Sri Padaya)

Grade ( in English) : 7 - E

Admission Number : 25457

Geeshan Pahasara

සමනල කන්ද ‍‍‍‍‍‍යනු මධ්‍යම ශ්‍රී ලංකාවේ පිහිටා ඇති 2,243 m (7,359 ft) උස කේතුකාකාර කන්දකි. එය බෞද්ධ සම්ප්‍රදායට අනුව බුදුන් වහන්සේගේ පාද සටහන ලෙස සැලකෙන ශ්‍රී පාදය, එනම්, “පූජනීය පාද සටහන” නම් කඳු මුදුන ආසන්නයේ පිහිටි 1.8 m (5 ft 11 in) පාෂාණ සැකැස්ම සඳහා ප්‍රසිද්ධය. හින්දු සම්ප්‍රදායට අනුව හනුමාන් හෝ ශිව, එනම්, “ශිවගේ ආලෝකයේ කන්ද”, ලෙස සැළකේ. මේ සියලු විශ්වාස ලිඛිත මූලාශ්‍ර මත පදනම්ව ඇතත් කිසිඳු විද්‍යාත්මක හෝ පුරාවිද්‍යාත්මකතහවුරු කිරීමක් නැත.

 

දේශගුණය සහ කාලගුණය

සමනල කන්ද, මස්කෙළියට දිස්වන අයුරු.

සමනල අඩවියේ වාර්ෂික වර්ෂාපතන සාමාන්‍ය මිලිමීටර් 5000 කි. වසරේ මාස හයක්‌ පුරාවට ඉතා හොඳ වර්ෂාපතනයක්‌ මෙහි පවතී. නිරිතදිග මෝසම පවතින මැයි – ජුනි – ජුලි මාසවලදී වැඩිම වර්ෂාපතනය සමනල අඩවියට ලැබේ. දෙසැම්බර් – ජනවාරි – පෙබරවාරි දක්‌වා ලැබෙන ඊසාන දිග මෝසමේදී ලැබෙන වර්ෂාපතනය ඉතා අඩුය. එබැවින් කාලගුණික බාධා මෙම සමයේදී අවම බැවින් ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන් ආරම්භව වෙසක්‌ පොහොය දක්‌වා පවතී. නිරිතදිග මෝසම් සමයේදී ගණ, තද මිහිදුම් පතනයක්‌ද සමනල අඩවියට තිබේ. මෙනිසා මෙම සමයේදී අධික සීත දේශගුණයක්‌ සමනල අඩවියෙන් හා ශ්‍රීපාද මළුවෙන් වාර්තාවේ. මෙහි වාර්ෂික උෂ්ණත්ව සාමාන්‍ය සෙන්ටි්‍රග්‍රේඩ් අංශක 15 කි. එහෙත් මැයි – ජුනි – ජූලි සමයේදී අංශක – 5-10 දක්‌වා වුවද උෂ්ණත්වය පහළ බැසිය හැකිය.

 

පාරසරික හා වන ජීවීන්

ලංකාවෙහි නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසු‌ම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වී‍මෙන් ආරක්ෂා විය. මෙය ‍ජෛවගෝල රක්ෂිතයක් ‌‍ලෙස ද, ‍ලෝක උරුමයක් ‍ලෙස ද නම්‍‍‍ කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. ‌

රක්ෂිතයේ ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.

ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අලි දැකගත හැකි . බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.

එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනු‌‌‍යේ පක්ෂීන් ‌‍බොහෝ විට ආහාර ‍‍සොයා යාම සඳහා සාමූහික රංචු වශ‌‍යෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි ‍රංචුවක් ‍‍බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි ‍රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය. තවද ශ්‍රි පා සමය උදාවීමත් සමගම විවිධාකරයේ සමණලුන් දැකගත හැකි අතර බොහෝ පිරිස් පවසනුයේ සමණලුන් ශ්‍රිපා වන්දනා කරන බවයි.

අදවන විට පොලිතින් වැනි නොදිරන අපද්‍රව්‍ය හා බොහෝ පිරිස් ගේ ක්‍රියා කලාප හේතුවෙන් මෙම පාරසරික පද්ධතිය විනාශ විමට ලක්ව ඇති බව ශ්‍රි පාද සමයේදී දැකගත හැක.