Grade ( in English) : Grade 7F
Admission Number : 25479
K.A.Yesandu dulneth kulawardhana
කිඹුලන්
සතුන් හා මිනිසා අතර බැඳීම අතීතයේ සිට පැවතියද, අපි ඇතැම් සතුන්ගේ නම කියූ සැනින් දක්වන්නේ බියකි. කිඹුලාද එවැනි භීතිය දනවන සතෙකි. ඒ කිඹුලාට මිනිසුන්ව හසු වුවහොත් කා දමන නිසාය. නමුත් කිඹුලා කියන්නේ එතරම් බිය විය යුතු සතෙක්ද? නැතිනම් අනෙකුත් සතුන්ගෙන් ඌ සුවිශේෂී වන්නේ ඇයි? යන කාරණාවන් සේම, කිඹුලාගේ ජීවන පැතිකඩේ කරුණු කිහිපයක් පිළිබඳව සොයාබලමු. පොත පතින් හා VIDEO මගින් මා සොයා ගත් කරැණු කිහිපයක් ඹබේ දැන ගැනීම සඳහා මෙසේ සටහන් කරමි.
කිඹුලන් යනු?
කිඹුලන් යනු උරග විශේෂයක්. මොවුන් අවුරුදු මිලියන 230ක් 260ත් අතර කාලයක සිට පරිණාමය වී පැවත එනවා. අප්‍රිකානු බිමේ සිට තමයි මොවුන් මෙලෙස පැමිණිලා තියෙන්නේ. විවිධ කාලයන්ගේ පැවති පරිසර තත්ත්වයන්ට අනුව මොවුන්ගේ හැඩය වෙනස් වීමක් සිදුවී ඇති අයුරු දැකගන්න පුළුවන්.
අඩි එක හමාරේ දෙකේ පරිණත සතුන්ගේ සිට අඩි 50ක පමණ සතුන් සිටි පොසිල හමු වෙනවා. අපි හඳුන්වන ඩයිනෝසර් වර්ගයේ සතුන් සමග සිටි සමකාලීන සතුන් විශේෂයක්. මොවුන් සතුව සුවිශේෂී අනුවර්තන හැකියාවන් පවතිනවා. විශේෂයෙන් ආහාර අඩු පුමාණයක් අරගෙන වුවත් මොවුන්ට ජීවත් වීමේ හැකියාව පැවතුණා. ඒ නිසයි විවිධ කාලවලදී ඒ ඒ පරිසර තත්ත්වයන්ට අනුගතව තමන්ගේ පැවැත්ම අද දක්වා පැවතගෙන ඇවිත් තියෙන්නේ.
කිඹුලන් වැඩිපුරම සිටින තැන්
ලංකාවේ දැනට කිඹුල් විශේෂ දෙකක් හමුවනවා. මෙම සතුන් අපිට හමුවන්නේ කරදිය, මිරිදිය, කිවුල්දිය කියන පරිසර පද්ධති තුළ. හැල කිඹුලන් ගත්තොත් ඔවුන්ගේ වාසස්ථාන බවට පත්වෙලා තියෙන්නේ සාමානයයෙන් ස්වාභාවික ඇළදොළ. ගංගා ,විල්ලු පරිසර පද්ධති, වාරිමාර් ග , ඇළවේළි වගේම වැව්වලින් සැලකිය යුතු ප්‍රමාණයක කිඹුලන් ගහනයක් ජීවත් වෙනවා.
කලපු තුළ, ගංගා මෝය ආරවල් ආදී සියලු පරිසර පද්ධති, තෙත් හා වියළි යන කලාප දෙකේමත් මොවුන් ජීවත් වෙනවා. නමුත් මධ්‍යම කඳුකරයේ ඉහළම කොටසේ කිඹුලන් හමුවන්නේ නැහැ. ගැට කිඹුලන් ගත්තොත් වැඩිපුරම ගංගා, මෝය, කලපු යන පරිසර පද්ධති තුළ දැකගන්න පුළුවන්. හේතුව වන්නේ එවායේ පවතින ගැඹුරු බව හා ආහාරවල පවතින සුලබතාව. ඒ වගේම ගැට කිඹුලා වැඩිපුරම පිරිසුදු වතුරට ආසා කිරීමත් මෙයට හේතුවක්.
කිඹුල් විශේෂ හඳුනාගන්නේ කෙසේද?
මොවුන් සතුව විශේෂ වර්ණ රටාවක් තියෙනවා. හැල කිඹුලා ගත්තොත් ඌගේ පුධාන වර් ණ රටාව වෙන්නේ මඩ කොළ පාටට හුරු වර් ණයක්. ඇතැම් අවස්ථාවලදී කළු පාටට හුරු පුල්ලි පිහිටනවා. ඒ පුල්ලිවල ඉවුර බොහෝ විට පැහැදිලි නෑ. ගැට කිඹුලා ගත්තොත්, එයාගේ ඇඟ සාමාන්‍යයෙන් කහ පාටට හුරු වර් ණයක් තුළ කළු පාටට හුරු වර් ණයක් පුමුඛ වෙනවා.
නමුත් වයසට යන විට වයස්ගත පිරිමි සතාගේ කළු පැහැය පුමුඛ වෙනවා. මෙහිදී පවතින විශේෂත්වය වන්නේ ගැට කිඹුලාගේ මේ කළු පාට තියෙන ලප පැහැදිලි සීමා වලින් වෙන් වීමක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් වයසට යන විට වලිගයේ සිට කළු වීගෙන ඇඟ දිහාවට ගමන් කිරීමක් තමා වෙන්නේ. ගැට කිඹුලාගේ හොම්බ ගත්තොත් ටිකක් උල් ස්වභාවයක් ගන්නවා.
හැල කිඹුලාගේ හොම්බ මොට ස්වභාවයක් ගන්නවා. දෙදෙනාගේම බඩ සුදු ස්වභාවයක් ගත්තත්, ගැට කිඹුලාගේ බඩ සුදු පැහැය සමග සම්මිශ්‍රණය වුණු කහ පැහැයක් ගන්නවා. හැල කිඹුලා සතුව විශේෂ අස්ථි කොරපොතු කිහිපයක් බෙල්ලේ පිහිටනවා. මේකට සාමානයෙන් අපි ‘පොස්ට් ඔකියුපල් ‘කියලා හඳුන්වනවා. මේ පොස්ට් ඔකියුපල් 4ක් හැල කිඹුලට තියෙනවා. නමුත් ගැට කිඹුලන්ගේ අපට ඒවා හමුවන්නේ නෑ.
කිඹුලන් සතුව පවතින සුවිශේෂී අනුවර්තන හැකියාවන්
කිඹුලන් සතුව සුවිශේෂී අනුවර්තන හැකියාවන් කිහිපයක් පවතිනවා. ඉන් පුධානතම දෙයක් තමයි උෂ්ණත්ව විචලනයන්ට ඔවුන් දක්වන ප්‍රතිචාරය. වැඩි වන උෂ්ණත්වයෙන් බේරීම සඳහාත්, අඩු වන උෂ්ණත්වයෙන් බේරීම සඳහාත් ඔවුන් ගුහාවන් හාරාගෙන ජීවත් වෙනවා. ආහාර හිඟ කාලවලදී පවා ශක්තිය සංරක්ෂණය කරමින් ජීවත් වීමේ හැකියාව මොවුන් සතුයි.
ඇත්තටම කිඹුලන් වඩාත් වැඩි ඥාති සම්බන්ධයක් දක්වන්නේ ක්ෂිරපායීන්ටද? නැතිනම් උරගයන්ටද යන්න විසඳාගත යුතු ප්‍රශ්නයක්. මේ සතුන් පිළිබඳ අධයනයේදී ක්ෂිරපායීන්ට සුවිශේෂී වූ බාහිර කන් පෙති මොවුන්ට පිහිටා තිබීම. එපමණක් නෙවෙයි උරගයන්ට දක්නට නොලැබෙන, කිඹුලන්ගේ හෘදය වස්තුව කුටීර 4කින් නිර් මාණය වි තියෙනවා. එසේම විද්‍යාඥයින් විසින් සොයා ගත් දෙයක් තමා මේ කුටීර 4 අසම්පූ ර් ණ (un complete)බව. ඒ කියන්නේ සියයට සියයක්ම කුටීර හතර බෙදිලා අවසන් වීමක් සිද්ධ වෙලා නැහැ.
මොවුන්ගේ මෙම සුවිශේෂත්වය හේතුවෙන් මෙම සතුන්ට ඉක්මනින් උෂ්ණත්වය යාමනය කිරීමට පහසු වෙනවා. උරගයන්ගේ තියෙන්නේ කුටීර 3යි. මොවුන්ගේ මේ සුවිශේෂීතාව හේතුවෙන් මොවුන් හෙවණකට ගියොත් ඉක්මනින්ම උෂ්ණත්වය අඩු වීමක් වෙනවා. වතුරකට ගියත් මේ ආකාරයට සිද්ධ වෙනවා. වතුරෙන් උඩට ආව ගමන් ඒ තත්ත්වය යළිත් වෙනස් වීමකට ලක් වෙනවා.
ඒ නිසා වෙනත් සතුන්ට නැති සුවිශේෂී අනුවර්තන හැකියාවන් මොවුන්ට තියෙනවා. මේ සඳහා ඇඟ උඩ තිබෙන කොරපොතුත් උපකාරී වෙනවා. ඒ වගේම දිවත් මේ ශරීර උෂ්ණත්වය පාලනයට විශාල උපකාරයක් කරනවා. මොවුන්ගේ දිව ඇතුළේ විශේෂ ලවණ ගුන්ථීන් පිහිටා තිබීමද දැකගන්න පුළුවන්. එසේම ඉක්මනින්ම කම්පන හඳුනා ගැනීමටත් හැකියාවක් මොවුන් සතුව පවතිනවා. කණට සියුම් ශබ්දයක් පැමිණියහොත් ඉක්මනින්ම හඳුනා ගැනීමේ හැකියාව මොවුන්ට පවතිනවා.
කිඹුලන්ට අපි ඇත්තටම බිය විය යුතුද?
කිඹුලන්ට බිය විය යුතුද යන කාරණයේදී කිව යුතු කරැණ වන්නේකිඹුලන්ගේ ආහාර තිබෙණ තැන් හා ඔවුන්ගේ ලැඟුම් පොළවල් පිළිබඳව මිනිසුන්ට අවබෝධයක් තිබිය යුතුයි. කිඹුලන්ගේ හැසිරීම් රටාව පිළිබඳව අප නිවැරදිව දැන ගත යුතුයි. එහෙම එයාලගේ හැසිරීම් රටාවන්ට බාධා වෙන විදිහට අපි කටයුතු නොකළාම එයාලගෙන් අපිට වන බලපෑම ඉතාම අඩුයි.
සතුන් හා මිනිසා අතර බැඳීම අතීතයේ සිට පැවතියද, මේ වන විටකිඹුලන් ජීවත්වන පරිසර පද්ධති මිනිසා විසින් ටිකෙන් ටික අත්පත් කර ගැනීම නිසා එයාලගේ ජීවන රටාවන්ට බාධා වෙමින් පවතිනවා. ඒ එක්කම ගංගාවල අවිධිමත් බෝට්ටු ධාවනය හා වැලි ගොඩ දැමීම යනාදියත් මේ කිඹුලන් හා මිනිසුන් අතර ගැටුම් ඉහළ යාමට හේතු වෙලා තියෙනවා.අපිමේ දේවල් අවබෝධ කරගෙන කිඹුලන්ට ද ඹවුන්ගේ ජීවන රටාව ගත කිරීමට ඉඩ සලසමු.
