Grade ( in English) : Grade 7F
Admission Number : 25479
K.A.Yesandu Dulneth Kulawardhana
කලා කීර්ති සිබිල් වෙත්තසිංහ මහත්මිය (1927-2020)
ඇය ශ්‍රී ලාංකේය ළමා සාහිතයයේ ප්‍රමුඛතම රචිකාවියක් සහ චිත්‍ර ශිල්පිනියක් ලෙස සැලකේ
ඇය දශක හතකට වැඩි වෘත්තීය ජීවිතයක් තුළ ළමා පොත් 200 කට අධික සංඛ්‍යාවක් රචනා කර නිදර්ශන සපයා ඇත. ඇගේ කෘති ජපන්, චීන, ඉංගීසි, කොරියානු සහ දමිළ වැනි විවිධ භාෂාවන්ට පරිවර්තනයවී ඇත.
ළමා කාලය සහ අධයාපනය
- ඇය 1927 ඔක්තෝබර් 31 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ ගිංතොට නම් ගම්මානයේ උපත ලැබුවාය.
- ඇගේ ළමා කාලය ගමෙහි සුන්දරත්වය හා ගැමි ජීවිතයේ ආභාෂය ලැබූ අතර, එය ඇගේ බොහෝ නිර්මාණ වලට පාදක විය.
- ඇය ගිංතොට බෞද්ධ මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ අතර පසුව කොළඹ බම්බලපිටිය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයෙන් අධ්‍යාපනය ලැබුවාය.
- ඇගේ පියා චිත්‍ර ශිල්පියෙකු වූ අතර මව ලේස් වැඩවලට දක්ෂ වූවාය . ඇගේ කලා හැකියාවන්ට එම සහජ ආභාසයන්ද බලපෑම් කළේය.
වෘත්තීය ජීවිතය
- ඇය තම කලා ජීවිතය ආරම්භ කළේ 17 වන වියේදී ‘ලංකාදීප’ පුවත් පතට චිත්‍ර ශිල්පිනියක ලෙස සම්බන්ධ වෙමිනි.
- 1952 දී ‘ජනතා’ පුවත්පතේ ළමා පිටුව සඳහා ඇය විසින් රචනා කළ “කුඩහොරා” කතාව, පසුව ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ගත් ජනප්‍රිය ළමා පොත ක් බවට පත්විය.
ප්‍රසිද්ධ කෘති
- “කුඩහොරා” (The Umbrella Thief)
- “මඟුල් ගෙදර බත්නැතෝ”
- “මැටි ගෙදර ළමයි”
- “සූත්තර පුංචා”
- “කුසුමලතා”
- “වෙසක් පහන”
සම්මාන
සිබිල් වෙත්තසිංහ මහත්මිය දේශීය හා විදේශීය සම්මාන රැසක් දිනා ඇත
- ජාත්‍යන්තර සම්මාන: 1986 දී ජපානයේ හොඳම විදේශීය ළමා පොත සඳහා වූ සම්මානය “කුඩහොරා” කෘතියට හිමි විය.
- දේශීය සම්මාන: “මඟුල් ගෙදර බත්නැතෝ” සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ 2005 දී “කලා කීර්ති” සම්මානය ලබා ඇත.
මරණය
ඇය 2020 ජූලි 1 වන දින, 92 වන වියේදී අභාවපුප්ත විය.
ඇයගෙන් අපට ගත හැකි ආදර්ශය
එතුමිය ගේ කථා පොත්වල ඇති සරල භාෂාව හා ලස්සන රෑප නිසා කුඩා දරැවන්ගේ කියවමේ ආශාව වැඩි කරයි මට හොදින් චිත ඇදීමට නොහැකි වුවද කවදා හෝ එවැනි ළමා කතන්දර පොතක් ලිවීම මගේ ලොකුම ආශාවකි .සිබිල් වෙත්තසිංහ මහත්මිය කුඩා කාලයේ සිට තමා කැමති විෂය ගැන හොදින් අවබෝධ කර ගනිමින් එම හැකියාව දියුණු කර ගැනීමට කටයුතු කර ඇතᱹඑ මගින් ඇයට ළමා කතන්දර ලීවීමේ කලාවේ දුරගමනක් යාහැකි වියᱹ ඇයගෙන් අපට ගත හැකි ආදර්ශය වන්නේ කුඩා කාලයේ සිටම තමාගේ හැකියාව හදුනා ගෙන එය වර්ධනය කර ගැනීමට කටයුතු කිරීමයි.
