Grade ( in English) : Grade 7F
Admission Number : 25479
K.A.Yesandu Dulneth Kulawardhana
මගේ විනෝදාංශය කාසි එකතු කිරීම
කාසි එකතු කිරීම යනු විවිධ කාසි තබා ගැනීමේ විනෝදාංශයකි. මෙය ඉතා පැරණි විනෝදාංශයකි. ජූලියස් සීසර් පවා කාසි එකතු කළහ. සමහර කාසි ඉතා මිල අධිකය. සමහරු එය කරන්නේ සතුට සඳහා පමණක් වන අතර තවත් සමහරු කාසි ඉතිහාසය සඳහා කාසි එකතු කරති. අපට පැරණි, දුර්ලභ, ලස්සන, කාසි එකතු කළ හැකිය. රටක රජු හෝ රැජින ගේ රෑපය සහිත කාසි එකතු කිරීමට සමහරු කැමතියි. පෞරාණික ලංකාවේ කාසි භාවිතය. සුදත්ත සිටුතුමා ‘ඡේත’ නම් කුමරුගේ ඉඩම කහවනු අටකෝටියක් බිම අතුරා මිලයට ගෙන ඡේතවනාරාමය ඉදිකර බුදුන් වහන්සේට පිදූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.
අපේ ඉතිහාස පොතෙහි සඳහන් පරිදි අනුරාධපුර යුගයේදී මෙරට භාවිත කළ කාසි වර්ග අතර මුලින්ම කියැවෙන්නේ කහාපණය. ඒවායේ කොටා තිබුණු සංකේත නිසා හස්එබූ කාසි වශයෙන් හැඳින්වේ. මේ කාසි වටකුරු, ඍජුකෝණාශ්‍රාකාර හෝ චතුරස්‍රකාර ලෙස විවිධ හැඩවලින් දැකගත හැකිය. කහපණ සාදා ඇත්තේ රිදීවලිනි. ඉර, හඳ, ඇත, බල්ලා, ගස ආදී විවිධ සංකේත මේ කාසිවල ඇතුළත්ය. ඉන්දියාවේ නිෂ්පාදිත කහපණ කාසිද ඒ කාලයේ වෙළෙඳුන් මාර්ගයෙන් මෙරටට ලැබී තිබෙන බවට විශ්වාස කෙරේ. මෙරට කාසි නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දීය කාසි අනුගමනය කරමිනි. කහපණ කාසි අප රටේ භාවිත කර තිබෙන්නේ ක්‍රි.පු. 3 සියවසේ සිට ක්‍රි.ව. 1 සියවස දක්වා කාලයේදීය. අනුරාධපුර යුගයේ මුල් භාගයේ මේ රටේ අක්ෂර වශයෙන් භාවිතා වුණේ බ්‍රාහ්මීය අක්ෂර මාලාවකි. අනුරාධපුරය, වෙස්සගිරිය, සීගිරිය, දැදිගම, මිනුවන්ගොඩ, අම්බලන්ගොඩ, තිස්සමහාරාම, අකුරැගොඩ, මාන්තොට, පදවිය, ත්‍රිකුණාමලය ආදී ප්‍රදේශ රැසකින් කහාපණ කාසි හමුවී තිබේ. ඊට පසු හමුවන්නේ ස්වස්තික කාසිය. පැරණිතම කාසි වර්ගයක් වූ ස්වස්තික කාසි ඊයම් සහ තඹ මිශ්‍රණයකින් සකස් කර ඇත.ස්වස්තික කාසිවල තිබෙන අලියා සලකුණෙන් බුදුදහම නිරූපණය වෙනවා. බෝ ගසෙන් බුද්ධත්වය ලැබීම පෙන්නුම් කරනවා. ස්වස්තිකය ධර්මය ප්‍රචාරය කිරීම සංකේතවත් කරනවා.
කාසි එකතු කිරීම ආරම්භ කිරීමට කැමති ඕනෑම කෙනෙකුට, මෙම විෂය පිළිබඳව ප්‍රකාශයට පත් කරන ලද පොත් රාශියක් තිබේ. ලංකාවේ කාසි එකතු කරන්නන් සඳහා 1976 දී ආරම්භ කරන ලද ශීලංකා කාසි විදයා සංගමයද ඇත.මා ලග ඇති කාසි අතර පැරණි කාලයේ භාවිතා වූ සතේ කාසි ද ඇත.එමෙන්ම ලංකාවේ දිස්තක්ක 25 ක් සැමරීම සඳහා රුපියල් 10 ක කාසි 25 ක එකතුවක කාසි ද මා ලග ඇත. මෙම කාසි නිපදවා ඇත්තේ ස්ලෝවැක් ක්‍රෙම්නිකා මින්ට් විසිනි
