ජනමාධය ගැන ඉගෙනීමේ වැදගත්කම.

Grade ( in English) : Grade 7F

Admission Number : 25479

K.A.Yesandu Dulneth Kulawardhana

ජනමාධය ගැන ඉගෙනීමේ වැදගත්කම.

  • ජනමාධය යනු පුවත්පත්, විදුලි රූපවාහිනී, සමාජ මාධ්‍ය  වැනි මගින් සමාජයට තොරතුරු සපයන මාර්ගවේ. අද ලොව දිනෙන් දින දියුණුවන අවධියේ ජනමාධ්‍ය ගැන ඉගෙනීම අතිශය වැදගත් දෙයකි.
  • පළමුවෙන්ම ජනමාධ්‍ය  ගැන ඉගෙනීමෙන් සත්‍ය හා අසත්‍ය  තොරතුරු වෙන්කර හඳුනාගැනීමේ හැකියාව ලැබේ. තවත් වැදගත් දෙයක් වන්නේ විවිධ පුවත් සහ දැන්වීම් විවේචනාත්මකව සැසදීමට හැකියාව අප තුළ වර්ධනය වීමයි.
  • ඉගෙනුමට දායක වීම සඳහාත් ජනමාධ්‍ය  ඉගෙනීම ප්‍රයෝජනවත් වේ. නිවැරදි තොරතුරු සොයාගනිමින් රචනා, කටයුතු සහ විෂයයන්ට දායක කරගත හැක. එමඟින් රටේ සහ ලොවේ පවතින සමාජ, සංස්කෘතික, ආර්ථික තත්ත්වයන් පිළිබඳ දැනුමත් වැඩි කරගන්නට හැක.
  • අපේ අදහස් නිවැරදිව පුකාශ කිරීමේ හැකියාවත් ජනමාධය ඉගෙනීමෙන් ලැබෙන වටිනා කරුණකි.
  • එසේම සමාජයට යහපත් ආදර්ශ ගෙනෙ දීමට ජනමාධය උපකාරී වේ.
  • ජන මාධයට සම්බන්ධ නව තාක්ෂණික උපකරණ හා මෘදුකාංග ගැන අවබෝධය ලබා ගත හැකිවීම.

ඉහත සියලු කරුණු බැලූ විට, ජනමාධය ගැන ඉගෙනීම අපගේ දැනුම, චින්තන හැකියාව, සහ සමාජය තුළ යහපත් ජීවිතයකට ගෙන යාමට මහත් ප්‍රයෝජනයක් වේ.මෙසේ හෙයින් පාසලේ ජනමාධය ඒකකය මගින් පැවැත්වු වැඩමුඵ සඳහා මාද සහභාගී විමි.