Grade ( in English) : Grade 7F
Admission Number : 25479
K.A.Yesandu Dulneth Kulawardhana
වස් පිනකම් සදහා පන්සල පිරිසිදු කිරීම.

අපේ ගම පන්සලේ වස් පිනකම් සඳහා සූදානම් වීමේදී, අපි සියලුම දෙනාම එකට එක්ව පන්සල පිරිසිදු කිරීම සිදු කළෙමු. මේ දිනවල බොහෝ දෙනා පන්සලට පැමිණ බුදුන් වඳින්නත්, භික්ෂූන්ට උපකාර කරන්නත් එන නිසා පන්සල පිරිසිදු කිරීම ඉතා වැදගත් කාර්යයක් වේ.
වැලි ගොඩවල්, දූවිලි, තණ කොල වැනි දේවල් ඉවත්කිරීමෙන් පටන් ගෙන, පන්සලේ බුදුමැදුර, බෝධිය, දාන ශාලාව, පිරිවෙන් මාවත්, ඇතුළු සියල්ලම අපි පිරිසිදු කළෙමු.ලොකු කුඩා සියල්ලන්ම එක්ව මහන්සියෙන් වැඩ කළා.
මෙහිදී අපිට එක්ව වැඩ කළ හැකි වීමත්, බෞද්ධ සංස්කෘතිය රැක ගැනීමට දායක වීමත් අපේ මනසට සතුටක් ගෙන දුන්නා. පන්සල පිරිසිදු කිරීමෙන් පසුව සියල්ල නව පෙනුමක් ගත්තා සේ පෙනුණා.
