වායු රයිෆල්(Air Rifle) කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෙස මගේ අත්දැකීම.

Grade ( in English) : Grade 7F

Admission Number : 25479

K.A.Yesandu Dulneth Kulawardhana

වායු රයිෆල්(Air Rifle) කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෙස මගේ අත්දැකීම.

මම පාසලේ Air Rifle කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ලෙස දායක වෙමින් සිටිනවා. මේ මගින් මට ගොඩක් අලුත්ම අත්දැකීම්ත්, දක්ෂතාත් ලැබෙනවා.

Air Rifle කියන්නේ ඉතා ඉවසීම, නිරවුල්කම සහ අවධානය අවශ්‍ය ක්‍රීඩාවක්. එය සඳහා මම නිතර පුහුණුවීම් වල නිරත වෙනවා.

පුහුණුවීම් වලදී මම ඉගෙන ගන්න දේවල්

  • නියමිත ආකාරයෙන් ගිනි අවිය හැසිරවීම.
  • ඉවසීම සහ අවධානය යොමු කිරීම.
  • නිවැරදි ඉලක්කය හඳුනා ගැනීම.
  • අනිවාර්යයෙන්ම ආරක්ෂාව.
  • රීති පිළිපැදීම.

මට දැනෙන සතුට,

Air Rifle පුහුණුවීම් මට සෑම විටම නව අභියෝගයක් ගෙන එනවා. මම තවත් ශක්තිමත් වීමටත්, නිරවුල්ව ඉලක්කය තැබීමටත් හැකියාව වැඩි කර ගන්නවා.

පාසල් Air Rifle කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස නිරත වීම මට අභිමානවත් දෙයක්. එය මගේ ක්‍රීඩා ජීවිතය සාර්ථක කරගන්න මට උපකාරී වේ.