Grade ( in English) : Grade 7F
Admission Number : 25479
K.A.Yesandu dulneth kulawardhana
‘දිට්වා’සුළි කුණාටුව
ලංකාවට වර්ෂාව ලැබෙන ප්‍රදානතම ක්‍රමය වන්නේ මෝසම් සුළං මගිනි.සාමාන්‍යයෙන් ලංකාවේ වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2000ක් පමණ වන නමුත්, එය වියළි කලාපයේ මිලිමීටර් 900 දක්වා අඩුවන අතර, තෙත් කලාපයේ මධයම කඳුකරයේ බටහිර බෑවුම් වලදී මිලිමීටර් 5000 ඉක්මවිය හැකිය.
පළමු අන්තර් මෝසම, නිරිතදිග මෝසම, දෙවන අන්තර් මෝසම සහ ඊසානදිග මෝසම ආදී වශයෙන් කාලගුණ විදයාඥයන් හඳුන්වන මෙම මෝසම් අඩු වැඩි වෙයි. මෙය සාමානය දෙයකි. ඒත්, කාලගුණ විදයාඥයන්ට අනුව, සමකයට ආසන්නව, සුළි කුණාටු හට ගැනීම ඉතාමත් දුර්ලභය. එසේ වුවත්, 2004 සුනාමි ව්‍යවසනය ද සිහිපත් කරමින්, පසුගිය දා අප බිහිසුණු ස්වභාවික ආපදාවකට මුහුණ දුන්නේය. ඒ, දිට්වා (Ditwah) නමැති සුළි කුණාටුව අප රටට කඩා වැදී, රට හරහා උතුරු දෙසට හමා යෑමත් සමඟය. සිදුවුණු ජීවිත හානි, දේපොළ හානි අතිමහත්ය. මෑත කාලීනව, ලොව පුරා විපරිත කාලගුණික පෙරළි වැඩි වැඩියෙන් අපට දකින්න ලැබුණි. කාලගුණ විදයාඥයන්ට අනුව, මෙයට හේතුව මිනිස් කියාකාරකම්ය. මිනිස් කියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම ඉහළ යෑම ඊට හේතුවය.
පසුගිය දින කිහිපයේ අප රටේ බෙංගාල බොක්ක ආශීතව වර්ධනයවී සුළි කුණාටුවක් බවට පත්වූ ‘දිට්වා’සුළි කුණාටුව දැවැන්ත දේපල විනාශයක් සිදු කරමින් විශාල ජීවිත බිලිගත්තේය, ‘දිට්වා’සුළි කුණාටුව ලෙස නම් කෙරුණු එම කුණාටුවට ‘දිට්වා’ යන නම යෙදීම සිදුවූයේ යේමනයේ සෝකෝත්රා (Socotra) වෙරළේ ඇති සුන්දර දෙට්වා කලපුව (Detwah Lagoon) අනුව යැයි කාලගුණ විදයාඥයෝ පැහැදිලි කරති.
පසුගිය දිනවල සුළි කුණාටු නම් කරන ආකාරය ගැන පලවූ ලිපි වලින් මා දැනගත් කරැණු කීපයක් ඔබට ද දැන ගැනීමට මෙසේ ඉදිරිපත් කරමි.
සුළි කුණාටුවකට නමක් ලැබෙන්නේ කෙසේද?
ඉන්දියන් සාගර කලාපයේ (බෙංගාල බොක්ක සහ අරාබි මුහුද) සුළි කුණාටු නම් කරනු ලබන්නේ: නිවර්තන සුළි කුණාටු පිළිබඳ ලෝක කාලගුණ විදයා සංවිධානය( WMO)/ESCAP මණ්ඩලය විසිනි.
මෙම මණ්ඩලයට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 13ක් අයත් වේ.
එම රටවල් නම්:
• ශී ලංකාව
• ඉන්දියාව
• බංගලාදේශය
• පාකිස්ථානය
• මාලදිවයින
• මියන්මාරය
• තායිලන්තය
• ඕමානය
• ඉරානය
• කටාර්
• සෞදි අරාබිය
• එක්සත් අරාබි එමීර් රාජ්‍යය
• යේමනය
සෑම සාමාජික රටක්ම නම් 13 බැගින් වූ ලැයිස්තුවක් ඉදිරිපත් කරයි.
නමක් දැමීමේදි සැලකිලිමත් විය යුතු කරැණු
• සරල වීම.
• උච්චාරණය කිරීමට පහසු වීම.
• අපහාසාත්මක හෝ සිත් රිදවන සුළු නොවීම.
• දේශපාලනික හෝ ආගමික නොවීම.
• අද්විතීය වීම (මීට පෙර භාවිතා කර නොතිබීම).
මෙම නම් දිගු ලැයිස්තුවකට ඇතුළත් කර, අනුපිළිවෙලින් එකින් එක භාවිතා කරනු ලබයි.
නිවර්තන කුණාටුවකට නමක් ලැබෙන්නේ පහත අවස්ථාවේදීය:
සුළඟේ වේගය නාවික සැතපුම් 34 (පැයට කි.මී. 62) දක්වා ළඟා වූ විට.
මෙම වේගයේදී එම පද්ධතිය ‘සුළි කුණාටුවක්’ (Cyclonic Storm) බවට පත්වේ. එවිට ලැයිස්තුවේ ඊළඟට ඇති නම ස්වයංකීයව ඊට ලබා දේ.
ඊළඟ නම තීරණය කරන්නේ
නව දිල්ලි නුවර පිහිටි ඉන්දීය කාලගුණ විදයා දෙපාර්තමේන්තුව (IMD) මෙම කලාපය සඳහා වන විශේෂිත මධයස්ථානයයි.
IMD හි වගකීම්:
• සියලුම සුළි කුණාටු නිරීක්ෂණය කිරීම.
• ලෝකයට නම ප්‍රකාශයට පත් කිරීම.
• අනතුරු ඇඟවීම් නිකුත් කිරීම.
ඒ අනුව කුණාටුවක් සුළි කුණාටු මට්ටමට පැමිණි විට, IMD විසින් අනුමත ලැයිස්තුවෙන් ඊට නම ලබා දේ.
ශී ලංකාව මීට පෙර ලබා දුන් නම් කිහිපයක්:
• ගති (Gati)
• මාදි (Madi)
• අසිරි (Asiri)
• නිරි (Niri)
• සාවිතී (Savithri)
පහත දැක්වෙන නම් යෝජනා කර ඇත්තේ ලංකාවයි:
උදාහරණ ලෙස:
• අසනි (Asani) — (මීට පෙර සුළි කුණාටුවක් සඳහා භාවිතා කර ඇත)
• ශක්ති (Shakthi)
• ගිගුම් (Gigum)
• ගගන (Gagana)
• වේරම්භ (Verambha)
• ගර් ජන (Garjana)
• නීබා (Neeba)
• නින්නාද (Ninnada)
• විදුලි (Viduli)
• ඕඝ (Ogha)
• සලිත (Salitha)
• රිවි (Rivi)
• රුදු (Rudu)
ශ්‍රී ලංකාවේ වාරය පැමිණි විට,” එම සුළි කුණාටුවට ඉහත නම්වලින් එකක් ලැබිය හැකිය.
(නමුත් ඊට පෙර ඇති නම් භාවිත වී අවසන් වුවහොත් හෝ ලැයිස්තුව නැවත යාවත්කාලීන වුවහොත් මෙය වෙනස් විය හැක).
• සුළි කුණාටුවක් ඉතා විනාශකාරී නම්, එම නම ලැයිස්තුවෙන් ඉවත් කරනු ලැබේ (Retired).
• අතිශය මාරාන්තික නම්,
• දැඩි විනාශයක් කරයි නම්,
• බිලියන ගණනක අලාභහානි සිදු කරයි නම්,
එම නම භාවිතයෙන් ඉවත් කරන අතර (Retired), නැවත කිසිදා භාවිතා නොකරයි.
