Grade ( in English) : 7C
Admission Number : 22612
Senal Mindinu Dissanayaka
ආදර්ශමත් චරිතයක් වූ කුමාර් සංගක්කාර ක්‍රිකට් ක්‍රීඩකයා

- කුමාර් සංගක්කාර යනු තමන්ගේ අරමුණු ඉටු කරගැනීමට නොපසුබස්නා උත්සාහයක් තිබු ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් ගෙන දුන් ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකි.ඔහු 1977 වර්ෂයේ ඔක්තෝබර් 27 වන දින මාතලේ ප්‍රදේශයේ උපත ලැබුවේය.මෙම ක්‍රීඩකයා ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායමේ වමත් පිතිකරුවෙකු ලෙස කටයුතු කළේය.මෙතුමා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි දක්ෂතම කඩුලු රකින්නෙකු මෙන්ම දක්ෂ පිතිකරුවෙකි.කුමාර් සංගක්කාර වයස 22 වන වියේදී නීති ශිෂ්‍යයෙකු ලෙස සිටියදී ඔහුගේ ක්‍රිකට් දිවිය ආරම්භ විය.මුල් කාලයේදී ඔහු කඩුලු රකීමේ ක්ෂේත්රයේ සාර්ථක නොවුවද ඔහු පිතිකරණයෙන් බොහෝ දක්ෂතා පෙන්වූ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය රැක ගැනීමට සමත් විය.2006 වර්ෂයේ දකුණු අප්‍රිකාවට එරහිව කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ලකුණු 624 රැස් කිරීම ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ විශේෂ සන්ධිස්ථානයක් විය.ඉහත තරගයේදී කුමාර් සංගක්කාරගේ දායකත්වය ලකුණු 287 විය. කඩුල්ල පිටුපස වගකීම දරමින් ඔහු කැපී පෙනෙන නායකකෙකු
ලෙස කටයුතු කළේය.ඔහු 2012 වර්ෂයේ ICC මගින් පිරිමනු ලබන ”හොදම ටෙස්ට් ක්‍රීඩකයා” සම්මානය දිනා ගැනීමට සමත් විය.මෙතුමා වේගවත්ම ටෙස්ට් ලකුණු 10000 ලැබූ අය අතරින් කෙනෙකි.ඔහුගේ ක්‍රිකට් දිවියේ ලබා ගත් ලකුණු ප්‍රමාණ පහත දැක්වේ.
| Matches | Innings | Highest score | Runs | 100s | 50s | 4s | 6s | |
| Test | 134 | 233 | 319 | 12400 | 38 | 52 | 1491 | 251 |
| ODI | 404 | 380 | 169 | 14234 | 25 | 93 | 1385 | 88 |
| T20Is | 56 | 53 | 78 | 1382 | 0 | 8 | 139 | 20 |
| FC | 260 | 430 | 319 | 20911 | 64 | 86 | – | – |
| List A | 529 | 501 | 169 | 19456 | 39 | 120 | – | – |
| T20s | 267 | 260 | 94 | 6937 | 0 | 43 | 740 | 139 |
Source https://www.espncricinfo.com/cricketers/kumar-sangakkara-50710
.කුමාර් සංගක්කාර දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම උසස් නායකත්ව ගුණාංග වලින් පිරිපුන් වූ මෙම ක්‍රීඩකයා වර්තමාන ක්‍රිකට් සමාජයට ආදර්ශමත් චරිතයකි.
