Grade ( in English) : Grade 08
Admission Number : 24894
D.Adithya Nimnath
සෞරග්‍රහ මණ්ඩලයේ සංයුතිය සහ සූර්යයා
සෞරග්‍රහ මණ්ඩලයේ සංයුතිය
සූර්යයා හා එහි ගුරුත්වාකර්ෂණ බලය නිසා ඒ හා බැදී පවතින අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් සෞරග්‍රහ මණ්ඩලයට අයත් වේ.
එම වස්තූන් පහත දැක්වේ.
- සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රදානියා වන සූර්යයා
- විශාල ම ග්‍රහවස්තූන් වන ග්‍රහලෝක
- ග්‍රහලෝකවලට අයත් උප ග්‍රහයින්
- ප්‍රමාණයෙන් කුඩා ග්‍රහලෝක වන වාමන ග්‍රහයන්
- මිලියන ගණනක් වන පාෂාණ් කැබලි
![]()
සූර්යයා
පෘථිවියේ ජීවය පැවැත්වීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ සූර්යයා යි.
මෙහි,
මද්‍ය උෂ්නත්වය :- සෙල්සියස් අංශක 15,000,000
මතුපිට උෂ්ණත්වය :- සෙල්සියස් අංශක 6000
සූර්යයා ගැන වැදගත් තොරතුරු:-
- සෞරග්‍රහ මණ්ඩලයේ මුළු ස්කන්දයෙන් 99.86% ක් ම අයත් වන්නේ සූර්යයාට ය.
- සූර්යයා, පෘථිවිය මෙන් 109 ගුණයක් විශාල ය.
- සූර්යයා තම අක්ෂය වටා භ්‍රමණය වේ.
- එහි භ්‍රමන කාලය පෘථිවි දින 25.4 කි.
- සූර්යයා ශක්ති ප්‍රභවයකි.
